عَنْ قَتَادَةَ رحمه الله قال:
حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَجُلًا قَالَ: يَا نَبِيَّ اللهِ كَيْفَ يُحْشَرُ الْكَافِرُ عَلَى وَجْهِهِ؟ قَالَ: «أَلَيْسَ الَّذِي أَمْشَاهُ عَلَى الرِّجْلَيْنِ فِي الدُّنْيَا قَادِرًا عَلَى أَنْ يُمْشِيَهُ عَلَى وَجْهِهِ يَوْمَ الْقِيَامَةِ؟» قَالَ قَتَادَةُ: بَلَى وَعِزَّةِ رَبِّنَا.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6523]
المزيــد ...
කතාදා (රහිමහුල්ලාහ්) තුමා විසින් වාර්තා කරන ලදී.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක්, "අල්ලාහ්ගේ නබි තුමනි! කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “මෙලොවදී ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ තැනැත්තාට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්විය හැකි නොවේද?” යැයි විමසූහ. කතාදා තුමා: 'අපගේ පරමාධිපතිගේ බලයෙන් එසේය.' යැයි පැවසීය.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 6523]
කාෆිර් (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු) ඔහුගේ මුහුණ මත රැස්කරනු ලබන්නේ කෙසේදැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි තුමාණෝ: “මෙලොවෙහි ඔහුව ඔහුගේ දෙපයින් ඇවිදීමට සැලැස්වූ අයට නැවත නැඟිටුවනු ලබන දිනයේදී ඔහුගේ මුහුණ මත ඇවිදීමට සැලැස්වීමේ බලය නොමැත්තේ ද?" යැයි විමසූහ. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.