1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි

عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ:
سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِي وَرَجَوْتَنِي غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلاَ أُبَالِي، يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِي غَفَرْتُ لَكَ، وَلاَ أُبَالِي، يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِي بِقُرَابِ الأَرْضِ خَطَايَا ثُمَّ لَقِيتَنِي لاَ تُشْرِكُ بِي شَيْئًا لأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً».

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."

حسن رواه الترمذي سنن الترمذي - 3540

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය වාක්‍යය සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කළ බව දන්වා සිටියහ. "අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මගෙන් ප්‍රාර්ථනා කර, කිසිදු අවිශ්වාසයකින් තොරව මාගේ ආශිර්වාදය ඔබ බලාපොරොත් වන්නේ නම්, ඔබේ පාපකම් හා වැරදි මහා පාපකම් අතරින් වුව ද මම ඒවා වසන් කරමි. ඒවා ගණන් නොගෙන මකා දමමි. අහෝ ආදම්ගේ දරුව! අහස් හා මහපොළොව අතර ඇති දෑ පිරෙන තරමට ඒවායෙහි පැතිකඩවල විසිරී එම ප්‍රදේශ ආවරණය වන තරමට ඔබ පාපකම් අධික ව සිදු කර පසුව ඔබ මගෙන් ඒ වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටියේ නම් මම ඒවා මකා දමමි. එහි අධිකත්වය කොපමණ තිබුණත් ඒ ගැන නොතකා ඒ සියල්ල සඳහා මම ඔබට සමාව දෙමි.
ආහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මහපොළොව පිරෙන තරමට පාපකම් හා වැරදි කර, මට කිසිවක් ආදේශ නොකර මා පමණක් විශ්වාස කළ තත්ත්වයේ ඔබ මරණින් පසු ඔබ මා වෙත පැමිණියේ නම්, එම පාපකම් හා වැරදි සඳහා මහපොළොව පිරෙන්නට සමාව දානය කරමි. සැබැවින්ම මම සමාව දානය කිරීමෙහි අති මහත්ය. ෂිර්ක් හෙවත් මට ආදේශ තැබීමේ වරදට හැර සෙසු සියලු පාපකම්වලට මම සමාව දෙමි.

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව, සමාව හා භාග්‍යයේ විශාලත්වය.
  2. ඒක දේව වාදයේ මහිමය. අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරන්නන් හට ඔවුන්ගේ පාපකම් හා වැරදි වලට ඔහු සමාව දෙන්නේය.
  3. ෂිර්ක් හෙවත් දෙවියන්ට ආදේශ තැබීමේ බරපතලකම. සැබැවින්ම අල්ලාහ් තමන්ට යමක් ආදේශ කරන්නන් හට සමාව දෙන්නේ නැත.
  4. ඉබ්නු රජබ් තුමා මෙසේ පවසයි: "පාපකම් සඳහා සමාව ලබන්නට හේතු සාධක තුනක් මෙම හදීසයේ ඇතුළත්ව ඇත. පළමුවැන්න: යහපත් බලාපොරොත්තුවෙන් යුතුව ප්‍රාර්ථනා කිරීම, දෙවැන්න: පාපක්ෂමවා අයැදීම හා පසුතැවිලි වීම. තුන්වැන්න: අල්ලාහ්ගේ ඒකීයභාවය විශ්වාස කළ තත්ත්වයේ මරණයට පත්වීම.
  5. මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගෙන් දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වන නමුත්, එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, එය පිවිතුරු කිරීම, අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරීම, ප්‍රාතිහාර්යක් ලෙස ගෙනහැර පෑම හා වැනි සෙසු දැයින් වෙන්කර දක්වන අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
  6. පාපකම් වර්ග තුනකි. පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීමය. අල්ලාහ් මෙයට සමාව දෙන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය" දෙවැන්න: තමන් හා තම පරාමාධිපති අතර පවතින පාපකම් හා වැරදි සිදු කිරීම තුළින් ගැත්තා තමන්ටම අපරාධ කර ගැනීම. අල්ලාහ් ඒ සඳහා ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් එය ඉවත් කරනු ඇත. තුන්වැන්න: ඔහුගේ ගැත්තන් ඇතැමෙකු විසින් ඇතුමෙකුට හිංසා, අපරාධ කිරීම. එවිට කිසාස් හෙවත් සමප්‍රතිචාර දැක්විය යුතුය.

අර්ථ කථන නිරීක්ෂණය

60 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو