عن أبي هريرة رضي الله عنه مرفوعاً: «والذي نفسي بيده، لو لم تذنبوا، لذهب الله بكم، وجاء بقوم يُذْنِبُونَ، فيستغفرون اللهَ تعالى، فيغفر لهم». المزيد
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා පාපකම් නොකළේ නම්, අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් කරන වෙනත් පිරිසක් ගෙනැවිත් ඔවුන් උත්තරීතර අල්ලාහ්ගෙන් සමාව අයැදින්නට සලස්වා පසුව ඔහු ඔවුනට සමාව දෙයි.”