عن عبد الله بن عباس رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «نِعْمَتَانِ مَغْبُونٌ فيهما كثيرٌ من الناس: الصحةُ، والفراغُ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“ආශිර්වාද දෙකක් ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒ දෙකෙහි අලාභ ලබන්නෝ වෙති. එනම්: නිරෝගීකම හා විවේකයයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මිනිසා වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද දෙකක් ඇත. ඒ දෙකෙහි වටිනාකම ඔහු නොදනී. ඒ දෙක තුළ ඔහු විශාල වශයෙන් පාඩු විදියි. එනම් ශරීර සෞඛ්යය හා විවේකී වේලාවයි. මිනිසා ශරීර සෞඛ්යතාව ප්රමාණවත් ව තිබෙන විට පමණක් අවනත වීමේ කටයුතු සඳහා වෙන් කර ගනු ඇත. නමුත් ඇතැම් විට ඔහුට හැකියාව තිබුණ ද ඔහු ආරෝග්යමත් නොවනු ඇත. ඇතැම් විට ඔහු නිරෝගිමත් වුව ද ඒ සඳහා හැකියාව නොලබනු ඇත. ඉපැයීමේ දී කාර්යය බහුලත්වය නිසාවෙන් දැනුමට හා ක්රියාවට වේලාව වෙන් කර ගත නොහැකි වේ. කවරෙකුට මෙම කටයුතු දෙක හිමි වී අවනත වීමට මැලිකමක් දක්වන්නේ ද ඔහු අලාභ ලබන්නෙකි. එනම් ව්යාපාරයේ ආලභය ලැබූවෙකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර