عن سمرة بن جندب رضي الله عنه : أن نبي الله صلى الله عليه وسلم قال: «منهم مَنْ تَأْخُذُهُ النَّارُ إلى كَعْبَيْهِ، ومنهم مَنْ تَأْخُذُهُ إلى رُكْبَتَيْهِ، ومِنْهُم مَنْ تَأْخُذُهُ إلى حُجْزَتِهِ، ومنهم مَنْ تَأْخُذُهُ إلى تَرْقُوَتِهِ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ නබිවරයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“(නිරා වාසීන් වන) ඔවුන් අතර අපා ගින්න ඔහුගේ වළලු කර දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ දණහිස් දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය ද වෙති. ඔවුන් අතර එය ඔහුගේ ඉණ දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ උගුරු දණ්ඩ දක්වා ග්රහණය කරන අය ද වෙති.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා අපා ගින්නේ දඬුවම ගැන බිය වීම පෙන්වා දෙන හදීසයකි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම වළලු කරවල් දෙක දක්වාත් තම දණහිස් දෙක දක්වාත් තම ඉණ දක්වාත් අපා ගින්න ග්රහණය කරන අය එම ජනයා අතර සිටින බවත් තම ගෙල දක්වා එය ඔහුව ග්රහණය කරන අයත් ඔවුන් අතර සිටින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැහැදිළි කළහ. ජනයා මෙලොවෙහි කළ ක්රියාවන් අනුව ඔවුන්ගේ දඬුවම උස්පහත් වන්නේය. එයින් සැනසුම අල්ලාහ්ගෙන් පතමු.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර