عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ رَضِيَ اللَّهِ عَنْهُ قَالَ: أَتَى النَّبِيَّ رَجُلٌ، فَقَالَ: يَا رَسُولَ اللَّهِ! إِنَّ شَرَائِعَ الإِسْلَامِ قَدْ كَثُرَتْ عَلَيْنَا، فَبَابٌ نَتَمَسَّكُ بِهِ جَامِعٌ؟ قَالَ:
«لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ».
وفي رواية: مِنْ حَدِيثِ مُعَاذِ بْنِ جَبَلٍ رَضِيَ اللَّهُ عَنْهُ: آخِرُ مَا فَارَقْتُ عَلَيْهِ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ قُلْتُ: أَيُّ الأَعْمَالِ خَيْرٌ وَأَقْرَبُ إِلَى اللَّهِ؟ قَالَ: «أَنْ تَمُوتَ وَلِسَانُكَ رَطْبٌ مِنْ ذِكْرِ اللَّهِ عَزَّ وَجَلَّ».
[صحيح] - [رواه أحمد والترمذي وابن ماجه وابن حبان] - [الأربعون النووية: 50]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මිනිසෙකු පැමිණ මෙසේ පවසා සිටියහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඉස්ලාමයේ ෂරීආ පිළිවෙත් අප මත අධික වී ඇත. අප පිළිපැදිය හැකි පුළුල් දොරටුවක් තිබේ ද?" එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න” මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් හදීසයක මෙසේ සඳහන් වේ: "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉවත්ව ගිය විට කළ අවසාන දෙය නම්, මෙසේ විමසා සිටීමය. එනම්: 'ක්‍රියාවන් අතරින් උතුම් හා අල්ලාහ් වෙත මහත් සේ සමීප කරවන ක්‍රියාව කුමක් ද?' එවිට එතුමාණෝ: "සර්ව බලධාරී කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔබේ දිව තෙත්ව තිබිය දී ඔබ මරණයට පත් වීමය" යැයි පවසා සිටියහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أحمد والترمذي وابن ماجه وابن حبان] - [الأربعون النووية - 50]
දුර්වලකම නිසා ඉටු කිරීමට නොහැකි වන තරමට අතිරේක පිළිවෙත් වැඩි වී ඇති බව පවසමින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළේය. පසුව හෙතෙම තමන්ට බැඳී සිටිය හැකි, පිළිපැදිය හැකි, එමගින් අධික ලෙස කුසල් හිමිකර ගත හැකි පහසු ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියේය.
එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්‍රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්‍රීයව තබා ගන්නා මෙනි.