ප්‍රවර්ගය:
+ -

عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ رَضِيَ اللَّهِ عَنْهُ قَالَ: أَتَى النَّبِيَّ رَجُلٌ، فَقَالَ: يَا رَسُولَ اللَّهِ! إِنَّ شَرَائِعَ الإِسْلَامِ قَدْ كَثُرَتْ عَلَيْنَا، فَبَابٌ نَتَمَسَّكُ بِهِ جَامِعٌ؟ قَالَ:
«لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ». وفي رواية: مِنْ حَدِيثِ مُعَاذِ بْنِ جَبَلٍ رَضِيَ اللَّهُ عَنْهُ: آخِرُ مَا فَارَقْتُ عَلَيْهِ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ قُلْتُ: أَيُّ الأَعْمَالِ خَيْرٌ وَأَقْرَبُ إِلَى اللَّهِ؟ قَالَ: «أَنْ تَمُوتَ وَلِسَانُكَ رَطْبٌ مِنْ ذِكْرِ اللَّهِ عَزَّ وَجَلَّ».

[صحيح] - [رواه أحمد والترمذي وابن ماجه وابن حبان] - [الأربعون النووية: 50]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මිනිසෙකු පැමිණ මෙසේ පවසා සිටියහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඉස්ලාමයේ ෂරීආ පිළිවෙත් අප මත අධික වී ඇත. අප පිළිපැදිය හැකි පුළුල් දොරටුවක් තිබේ ද?" එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أحمد والترمذي وابن ماجه وابن حبان] - [الأربعون النووية - 50]

විවරණය

දුර්වලකම නිසා ඉටු කිරීමට නොහැකි වන තරමට අතිරේක පිළිවෙත් වැඩි වී ඇති බව පවසමින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළේය. පසුව හෙතෙම තමන්ට බැඳී සිටිය හැකි, පිළිපැදිය හැකි, එමගින් අධික ලෙස කුසල් හිමිකර ගත හැකි පහසු ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියේය.
එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්‍රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්‍රීයව තබා ගන්නා මෙනි.

හදීසයේ හරය

  1. සර්වබලධාරී අල්ලාහ්ව නිරතුරුවම මෙනෙහි කිරීමේ මහිමය.
  2. අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යය වනුයේ කුසල් සඳහා වන හේතු සාධක පහසු කර දීමය.
  3. ධර්මිෂ්ඨකමේ සහ යහපත්කමේ දොරටු, මිනිසුන් ඒවා ලැබීමේ දී එකිනෙකට වෙනස් වේ.
  4. අල්ලාහ්ව සුවිශුද්ධ කොට තස්බීහ් පවසමින් ද ඔහුව ප්‍රශංසා කොට තහ්මීද් පවසමින් ද, ඔහුගේ ඒකීයත්වය පිළිගෙන තහ්ලීල් පවසමින් ද, ඒ හැර වෙනත් ගුණ ගායනාවන්හි නිරත වෙමින් ද, නිහතමානී සිතකින් යුතුව නිතර අල්ලාහ්ව අධිකව සිහිපත් කිරීම අධික ලෙස අමතර පිළිවෙත් කිරීමේ ස්ථානයේ පවතී.
  5. ප්‍රශ්න කරන්නන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැළකිලිමත් වෙමින් ඔවුනොවුනට ගැලපෙන ආකාරයෙන් පිළිතුරු දීම.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු الأمهرية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية الطاجيكية Kinyarwanda المجرية التشيكية الموري Kannada الولوف Azeri الأوزبكية الأوكرانية الجورجية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර