عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما عن النبي صلى الله عليه وسلم أنه كان إذا دخل المسجد قال: «أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم»، قال: أَقَطُّ؟ قلت: نعم، قال: فإذا قال ذلك قال الشيطان: حُفِظَ منِّي سائر اليوم.
[صحيح] - [رواه أبو داود]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්වබලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ. ‘මෙය සෑහෙන්නේ දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා මෙය පැවසූ විට ෂෙයිතාන්: අද දින ඉතිරිව ඇති කාලයේ මගෙන් ආරක්ෂාව ඔහු ලැබීය. යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මස්ජිදයට පිවිසුනු විට "c2">“අඌදු බිල්ලාහිල් අළීම්” උසස් පැවැත්ම, උසස් කටයුතු හා උසස් ගුණාංග සතු අල්ලාහ්ගෙන් මම ආරක්ෂාව පතමි. ඔහු වෙත හැරෙමි. රැකවරණය පතමි. යන්නයි. "c2">“වබිවජ්හිහිල් කරීම්” කරීම් යන පදයේ තේරුම ඔහු පිරිනැමීම හේතුවෙන් කිසිවක් අඩුනොවන මහත් ත්යාගශීලීය. ඔහු පොදුවේ උපකාරශීලීය. සමස්තයක් වශයෙන් ‘කරීම්’ යනු සියලුම යහපත ගෙන දෙන ගෞරවනීය මහිමයෙන් යුතු සියලු වර්ගයන්ට පොදු වූවකි. අල්ලාහ් සතු ගුණාංගයක් වන මුහුණ කිසිදු විකෘති කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් තොරව කිසිදු විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව තහවුරු කිරීම අනිවාර්යය වන්නේය. "c2">“වසුල්තානිහිල් කදීම්” ඔහුගේ බලවත් සාධකය හා සාක්ෂිය හෝ ඔහුගේ බලවත් බලාධිකාරියයයි. "c2">“මිනෂ් ෂෙයිතානිර් රජීම්” එනම් අල්ලාහ්ගේ දොරටුවෙන් නෙරපා හරින ලද හෝ අහසේ උල්කාවලින් පහර දෙනු ලබන ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව පතමි. ‘එය සෑහෙන්නේ දැයි ඔහු විමසීය. මම ‘එසේය’ යැයි පිළිතුරු දුනිමි.” එනම් එක් වාර්තාකරුවකු තම ගුරුවරයාගේ මෙසේ විමසීය: ‘වාර්තා කර සිටියේ මෙම ප්රමාණය ද? එසේ නැතහොත් ඊටත් වඩා වැඩි ප්රමාණයක් ද? එසේ නැතහොත් එහි අදහස වෙනත් අනුවාද හැරෙන්නට මෙය ප්රමාණවත් වන්නේ ද? එසේත් නැතහොත් ෂෙයිතාන්ගෙන් නපුරෙන් ආරක්ෂා වන්නට මෙය ප්රමාණවත්ද? යන්නයි. එබැවින් ඔහු "c2">“මම: එසේය යැයි පැවසුවෙමි” යැයි පැවසීය. එය එසේ ඔහු පැවසූ විට ෂෙයිතාන්: "අද දින ඉතිරිව ඇති කාලයේ මගෙන් ආරක්ෂාව ඔහු ලැබීය." යැයි පවසයි. එනම් සඳහන් කරනු ලැබූ මෙම ප්රාර්ථනාව මස්ජිදයට ඇතුළු වන්නෙකු පවසන විට, එසේ ඇතුළු වූ තැනැත්තා එදින මුළුමණින්ම මගෙන් ආරක්ෂාව ලැබීය යැයි ෂෙයිතාන් පවසයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර