عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ:
«أَحَبُّ الْبِلَادِ إِلَى اللهِ مَسَاجِدُهَا، وَأَبْغَضُ الْبِلَادِ إِلَى اللهِ أَسْوَاقُهَا».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 671]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 671]

විවරණය

ප්‍රදේශයක අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථානය මස්ජිද් වේ. මක්නිසාදයත් ඒවා නැමදුම් කිරීමේ නිවෙස් වන බැවිනි. ඒවා ස්ථාපනය කර ඇත්තේ භක්තියෙන් යුතුව ය. එමෙන්ම ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත් පිළිකුල් සහගත ස්ථාන එහි ඇති කඩසාප්පු වේ. මක්නිසාදයත් බොහෝ වේලාවට එම ස්ථානවල වංචාව, දූෂණය, පොලිය, බොරු දිවුරුම්, ප්‍රතිඥා කඩ කිරීම් හා අල්ලාහ්ව මෙනෙහි කිරීමට බාධා පමුණුවන අවස්ථාවන් විය හැකි බැවිනි.

හදීසයේ හරය

  1. මස්ජිද් හා ඒවා පිහිටා ඇති ස්ථානවල ගෞරවය. මක්නිසාද යත් ඒවා අල්ලාහ්ගේ නාමය අධික ලෙස මෙනෙහි කරනු ලබන නිවෙස් වන බැවිනි.
  2. උත්තරීතර අල්ලාහ්ගේ ආදරය හා ඔහු තෘප්තිය සොයමින් මස්ජිද් වෙත අධික ලෙස නිතර පියනගා ඒ හා බැඳී සිටින්නට උනන්දු කිරීම. එමෙන්ම කෝපයට තුඩු දෙන කරුණුවලින් වැළකෙනු වස් අවශ්‍යතාවයකින් තොරව කඩසාප්පු වෙත නිතර යෑම අඩු කර ගැනීමට ද උනන්දු කිරීම.
  3. නවවි තුමා මෙසේ පවසයි: මස්ජිද් වනාහි ආශිර්වාද පහළවන ස්ථාන වන අතර. කඩ සාප්පු වනාහි එයට විරුද්ධව පිහිටන ස්ථාන වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الدرية الرومانية المجرية Kannada الجورجية المقدونية الخميرية البنجابية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර