عن أبي هريرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «جَعَلَ اللهُ الرحمةَ مائة جُزْءٍ، فَأَمْسَكَ عِنْدَهُ تِسْعَةً وَتِسْعِينَ، وأَنْزَلَ في الأَرْضِ جُزْءًا وَاحِدًا، فَمِنْ ذَلِكَ الجُزْءِ يَتَرَاحَمُ الخَلَائِقُ، حتى تَرْفَعَ الدَّابَّةُ حَافِرَهَا عَنْ وَلَدِهَا خَشْيَةَ أَنْ تُصِيبَهُ».
وفي رواية «إِنَّ للهِ تعالى مئةُ رحمةٍ، أَنْزَلَ منها رحمةً واحدةً بَيْنَ الجِنِّ والإنسِ والبَهَائِمِ والهَوَامِّ، فَبِهَا يَتَعَاطَفُونَ، وبها يَتَرَاحَمُونَ، وبِهَا تَعْطِفُ الوَحْشُ على وَلَدِهَا، وأَخَّرَ اللهُ تعالى تِسْعًا وتِسْعِينَ رحمةً يَرْحَمُ بِهَا عِبَادَهُ يومَ القِيَامَةِ».
وعن سلمان الفارسي رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إِنَّ للهِ تعالى مئةُ رحمةٍ فمنها رحمةٌ يَتَرَاحَمُ بها الخَلْقُ بَيْنَهُمْ، وتِسْعٌ وتِسْعُونَ لِيَومِ القِيَامَةِ».
وفي رواية: «إِنَّ اللهَ تَعَالَى خَلَقَ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ والأَرْضَ مئةَ رحمةٍ كُلُّ رحمةٍ طِبَاقَ مَا بَيْنَ السَّمَاءِ إلى الأَرْضِ، فَجَعَلَ منها في الأَرْضِ رَحْمَةً فبها تَعْطِفُ الوَالِدَةُ على وَلَدِهَا، والوَحْشُ والطَّيْرُ بَعْضُهَا عَلَى بَعْضٍ، فإذا كانَ يومُ القيامةِ أَكْمَلَهَا بِهَذِه الرحمةِ».
[صحيح] - [حديث أبي هريرة -رضي الله عنه-: متفق عليه.
حديث سلمان -رضي الله عنه-: رواه مسلم]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි.”
තවත් වාර්තාවක “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් සතුව කරුණා ගුණ සියයක් ඇත. ඒවායින් එක් කොටසක් ජින්නුන්, මිනිසුන්, සතුන් හා කෘමීන් අතරට පහළ කළේය. එමගින් ඔවුහු එකිනෙකා සෙනෙහෙකම් පාති. එමගින් ඔවුන් එකිනෙකා ආදරය කරති. මෘග සතුන් තම පැටවා මත සෙනෙසහ පාන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ තම ගැත්තන්හට එමගින් කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවයක් අල්ලාහ් ප්රමාද කර ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම කරුණා ගුණ සියයක් අල්ලාහ් සතුව ඇත. ඒවායින් එක් කරුණා ගුණයක් ඇත. මැවීම් ඔවුන් අතර එකිනෙකා ආදරය කරනුයේ එමගිනි. තවත් අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය දක්වා රඳවාගෙන ඇත.”
තවත් වාර්තාවක: “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දිනයේ කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස් අතර පොළොව දක්වා ආවරණය වී ඇත. ඒවායෙන් එක් කරුණා ගුණයක් මහපොළොවට පත් කළේය. මව තම දරුවාට පෙන්වන සෙනෙහසත් මෘග සත්වයා හා පක්ෂීන් උන් එකිනෙකාට පෙන්වන සෙනෙහසත් එමගින් වූවකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වූ විට එය මෙම කරුණා ගුණ තුළින් සම්පූර්ණ කරනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
උත්තරීතර අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට පත් කර ඇත. මෙලොවට එක් කරුණාවක් පහළ කොට අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සඳහා රඳවා ගෙන ඇත. මිනිසුන්, ජින්නුන්, සතුන් හා කෘමීන් සියලු මැවීම් එකිනෙකාට සෙනෙහස පානුයේ එම කරුණාව තුළිනි. එය කෙතරම් ද යත් සැහැල්ලු හා සංචලනය වන අශ්වයා තම පැටවාට යම් හානියක් ඇති වනු ඇති බියෙන් උගේ කොර ඌට හිංසාවක් අති නොවන පරිදි වළක්වා ගන්නේ ද මෘග සතුන් උගේ පැටවාට කරුණාව පෙන්වන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා තම ගැත්තන්හට කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවය උත්තරීතර අල්ලාහ් ප්රමාද කර තබා ඇත. දෙවන හදීසය: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දින කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස හා පොළොව අතර පිරෙන තරම් විය. මෙලොවට එක් ගුණයක් පමණක් නියම කළේය. මව තම දරුවාට පෙන්වන ආදරයත් සිව්පාවුන් හා පක්ෂීන් උන් එකිනෙකා අනෙකාට පෙන්වන ආදරයත් ඒ හේතුවෙන් වූවකි. පසුව මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ලෝ වැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ් සෙසු අනූ නවය තුළින් එය සම්පූර්ණ කරයි. කැළඹීම් මත ගොඩ නැගුණු මෙලොව නිවහනේ කීර්තිමත් අල්ලාහ්ගේ අතිමත් ආශිර්වාදයක් තුළින් මිනිසා යමක් ලබා ගන්නා විට එය ලබනුයේ ද එම එක් කරුණාව හේතුවෙනි. ප්රතිඵල පිරිනමනු ලබන සදාතනික නිවහන වන මතු ලොව නිවහනේ කරුණා ගුණ සියය ගැන කල්පනය කෙසේනම් පවතිනු ඇත්ද?