عَن عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ رَضيَ اللهُ عنه قَالَ:
أَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَرِيرًا بِشِمَالِهِ، وَذَهَبًا بِيَمِينِهِ، ثُمَّ رَفَعَ بِهِمَا يَدَيْهِ، فَقَالَ: «إِنَّ هَذَيْنِ حَرَامٌ عَلَى ذُكُورِ أُمَّتِي، حِلٌّ لِإِنَاثِهِمْ».

[صحيح] - [رواه أبو داود والنسائي وابن ماجه] - [سنن ابن ماجه: 3595]
المزيــد ...

අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දකුණතින් රත්‍රන් ද තම වම් අතින් සේද ද රැගෙන සිටිනු මම දුටුවෙමි. පසු ව ඒ දෙක අතැති ව එතුමාණන් තම දෑත් ඔසවා මෙසේ පැවසීය: "මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والنسائي وابن ماجه] - [سنن ابن ماجه - 3595]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දකුණතින් රත්‍රන් ආභරණ හෝ එවැනි යම් දෙයක් ද තම වම් අතින් සේද රෙද්දක් හෝ ඉන් කැබැල්ලක් ද රැගෙන මෙසේ පැවසූහ: "සැබැවින්ම සේද හා රත්‍රන් ඇඳීම පිරිමින්ට තහනම් වන අතර කාන්තාවන්ට ඒවා අනුමතය.

හදීසයේ හරය

  1. සින්දී තුමා මෙසේ පවසයි: තහනම වනුයේ එය පැළඳීමය. එසේ නොවන විටෙක එය හුවමාරු කිරීම මිලදී ගැනීම විකිණීම යනාදී කටයුතු සදහා භාවිතා කිරීම සැමට අනුමතය. එමෙන්ම රත්‍රන් භාජන වශයෙන් ගැනීම ඒවා භාවිතා කිරීම සැමට තහනම් වේ.
  2. අලංකාරය සඳහා අවශ්‍ය මෙවැනි දෑ ඉස්ලාමීය ෂරීආව කාන්තාවන් පිළිබඳව පුළුල් කර දී ඇත.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (51)
අමතර