عن أبي هريرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إذا انقطع شِسْعُ نَعْل أحدكم، فلا يَمْشِ في الأخرى حتى يُصلِحها».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

තම පාවහන කැඩී, එය පැළඳ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ විටක, එක් පාවහනක් පමණක් පැළඳ ගමන් කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. පළුදු වූ දෑ සකසා ගැනීම හෝ අනෙක ගලවා පාවහන් නොමැතිව ගමන් කිරීම ඔහු අනුගමනය කළ යුතු වේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය