عن ابن عمر رضي الله عنهما قال: رأى رسول الله صلى الله عليه وسلم صبيًّا قد حُلِق بعض شعر رأسه وترك بعضه، فنهاهم عن ذلك، وقال: «احلقوه كله، أو اتركوه كله».
[صحيح] - [رواه أبو داود والنسائي في الكبرى]
المزيــد ...

ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා ඔවුන් එයින් වළක්වා : "එය මුළුමණින්ම බානු. එසේ නැතිනම් එය මුළුමණින්ම අතහැර දමනු." යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා දෙවන වරට එසේ සිදු නොකරන මෙන් ඔවුන් වළක්වා : "එයින් කොටසක් බා කොටසක් අතහැර නොදමනු" යැයි පවසා සිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර