عن أبي هريرة رضي الله عنه قال: لعن رسول الله صلى الله عليه وسلم الرجل يلبس لِبْسَةَ المرأة، والمرأة تلبس لِبْسَةَ الرجل.
[صحيح] - [رواه النسائي في الكبرى، وابن ماجه بمعناه، وأحمد]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

කවරෙකු කාන්තාවන්ට සමානව හැසිරෙන්නේද ඔහු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ මුවින් ශාප කරනු ලැබූවෙක් වෙයි. එමෙන්ම කවර කාන්තාවක් පිරිමින්ට සමානව හැසිරෙන්නේ ද ඇය ද නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ මුවින් ශාප කරනු ලබන්නියක් වන්නේය. හේතුව සැබැවින්ම අල්ලාහ් පිරිමින් හා කාන්තාවන් මවා ඇත. ඔවුන් සෑම කෙනෙකුටම විශේෂාංගයන් පිරිනමා ඇත. මැවීම, ස්වභාවය, ශක්තිය, ආගම යනාදියේ හා මේ හැර වෙනත් කරුණුවලදී පිරිමියා කාන්තාවට වෙනස් වන්නේය. එමෙන්ම කාන්තාව පිරිමියාගෙන් වෙනස් වන්නීය. එබැවින් කාන්තාවන් මෙන් හැසිරෙන්නට කවර පිරිමියෙකු උත්සාහ දරන්නේද එමෙන්ම පිරිමින් මෙන් හැසිරෙන්නට කවර කාන්තාවක් උත්සාහ දරන්නේද සැබැවින් අල්ලාහ් ඔහුගේ හැසිරීමෙහි සීමා කොට ඇති බවත් ආගමානුගත කොට ඇති බවත් දැනගත යුතුය. හේතුව අල්ලාහ් මැවූ දෑහි හා ආගමානුගත කළ දෑහි ප්රඥාව ඔහු සතුව පමණක් ඇති බැවිනි. එහෙයින් ශාප කොට දරුණු ලෙස අවවාද කොට මෙම සඳහන පැමිණ ඇත. එසේ පිරිමියකු කාන්තාවට සමානව කටයුතු කිරීමෙන් හා කාන්තාව පිරිමියාට සමානව කටයුතු කිරීමෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් දුරස් කරවනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර