عن أبي سعيد الخدري رضي الله عنه مرفوعاً: "لتتبعن سنن من كان قبلكم، حذو القذة بالقذة، حتى لو دخلوا جحر ضب لدخلتموه. قالوا: يا رسول الله، اليهود والنصارى؟ قال: فمن؟ "
[صحيح] - [متفق عليه. ملحوظة: الحديث مروي بالمعنى، ولفظة: (حذو القذة بالقذة) وردت في حديث آخر حسن]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“(හීයක දෙපැත්තේ ඇති) පිහාටුවක් අනෙක් පිහාටුවට සමාන්තර වන අයුරින් සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා අනුගමනය කරනු ඇත. ඔවුන් තලගොයාගේ ගුහාවකට පිවිසුණද නුඹලා ද එහි පිවිසුනු ඇත.” ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! (ඔවුන්) යුදෙවවන් හා කිතුනුවන් දැ?යි විමසුවෝය. එතුමා: "c2">“වෙනත් කවරෙකුදැ?”යි විමසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටි බව පවසමින් අබූ සඊද් (රළියල්ලාහු අන්හු) අප හට මෙසේ පවසා සිටියි. මෙම සමූහයා මීට පෙර පැවත එන සමූහයාගේ පිළිවෙත්, ඔවුන්ගේ දහම් හා ඔවුන්ගේ පාලන ක්රමවේදයන් අනුගමනය කරනු ඇත. සැබැවින්ම සියලු කටයුතුවලදී ඔවුනට සමානකම් පාන්නට උත්සාහ කරනු ඇත. එය හීයක පිහාටුවක් අනෙක් පිහාටුවට සමාන වන සේ පිහිටනු ඇත. පසුව පෙර සමූහයන් පිළිපැදීම හා ඔවුනට සමානව කටයුතු කිරීම මෙසේ එතුමාණන් තහවුරු කළහ. තලගොයාගේ තුඹසකට පිවිසුනේ නම් එය අන්ධකාවර හා පටුව පැවතිය ද මෙම සමූහය එහිද පිවිසීමට උත්සාහ දරති. සහගාමීහු ඔවුනට පෙරවූවන් කවුරුන්දැ?යි ද ඔවුන් යුදෙව්වන් හා කිතුනුවන් දැයි ද පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටි කල්හි, එතුමා එසේය, යැයි පිළිතුරු දුන්හ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර