عن أبي هريرة رضي الله عنه مرفوعًا: «إِذَا لَبِسْتُم، وَإِذَا تَوَضَّأتُم، فَابْدَأُوا بَأَيَامِنُكُم».
[صحيح] - [رواه أبوداود واللفظ له، والترمذي وابن ماجه وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

ගෞරවණීය කටයුතුවලදී දකුණු පැත්තට මුල්තැන දීම සතුටුදායකය යන මැයෙන් අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු තුමාගේ හදීසය තහවුරු කර ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළ බව හෙතෙම මෙසේ වාර්තා කරයි. "c2">“නුඹලා අදින විට” එනම් නුඹලා ඇඳුම් අදින විට, "c2">“නුඹලා ධෝවනය කරන විට” එනම් නුඹලා වුළුූ ධෝවනයේ ක්රියාවන් සිදු කිරීමට පතන විට, "c2">“නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.” එය වමට විරුද්ධ පැත්තයි. කමිසය අදින විට වම් පැත්තට පෙර දකුණු පැත්තෙන් ඇදීම, වුළූ ධෝවනයේදී අත් හා පාද සෝදන විට දකුණතට ප්රමුකත්වය දීම යනාදිය මෙනි. දැනගත යුතු කරුණක් වනුයේ දකුණතට ප්රමුඛත්වය ලබා නොදෙන අවයවද ඇත. එනම් කන් දෙක, අත් දෙක, කම්මුල් දෙක යනාදියයි. ඒවා එකවර සෝදනු ලැබේ. ඒවා කැපී වෙන්ව තිබීම වැනි හේතුවන සාධක ඇත්නම් දකුණතට ප්රමුකත්වය දෙනු ලැබේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර