නබි වදන් ලැයිස්තුව

ඔබ සේද හෝ දීජාබ් වර්ගයේ සේද නොඅඳින්න. රන් හා රිදී භාජනවල පානය නොකරන්න. ඒ පාත්‍රවල අනුභව නොකරන්න. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොව හිමි දෑය. අපට මතුලොව හිමි දෑය
عربي الإنجليزية الأوردية
“කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
عربي الإنجليزية الأوردية
නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.
عربي الإنجليزية الأوردية
නුඹලා අතරින් කිසිවකු හෝ පාවහන් පළඳින විට ඔහු එය දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගළවන විට වම් පැත්තෙන් ආරම්භ කළ යුතුය. පාවහන් පළිදිනු ලබන ඒ දෙකෙහි ආරම්භයත් ගළවනු ලබන අවසානයත් දකුණු පැත්ත විය යුතුය.
عربي الإنجليزية الأوردية
ඔබ අතරින් කිසිවකු හෝ එක් පාවහනක් මත ගමන් නොකළ යුතුයි. එමෙන්ම පාද දෙකටම එය පැළඳ ගත යුතුයි. එසේ නැතහොත් පාද දෙකින්ම එය ගැලවිය යුතුයි.
عربي الإنجليزية الأوردية
පිරිමියා ‍ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මිනිසෙකු සිටගනිමින් පාවහන් පැළඳීම තහනම් කළහ.
عربي الإنجليزية الأوردية
ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න
عربي الإنجليزية الإندونيسية
“මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
عربي الإنجليزية الأوردية
“තම වස්ත්‍රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
عربي الإنجليزية الأوردية