عَنِ ابْنِ عَبَّاسٍ رَضيَ اللهُ عنهُما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«البَسُوا مِنْ ثِيَابِكُمُ البَيَاضَ، فَإِنَّهَا مِنْ خَيْرِ ثِيَابِكُمْ، وَكَفِّنُوا فِيهَا مَوْتَاكُمْ».
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه] - [سنن الترمذي: 994]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න."
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه] - [سنن الترمذي - 994]
පිරිමි සුදු පැහැති ඇඳුම් අඳින මෙන් ද මිය ගිය ඇත්තන් එහි කෆන් කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මග පෙන්වූහ. මක්නිසාද යත් එය උතුම් ඇඳුමක් වන බැවිනි.