عن حُذَيْفَةَ بْنِ الْيَمَانِ رضي الله عنهما مرفوعاً: «لا تلْبَسُوا الحرير ولا الديباج، ولا تشربوا في آنية الذهب والفضة ولا تأكلوا في صِحَافِهِمَا؛ فإنَّهَا لهم في الدنيا ولكم في الآخرة».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී ලයිලා තුමා විසින් වාර්තා කරන ලදී. "ඇත්තෙන්ම ඔවුන් හුදෙයිෆා තුමා අබියස වාඩි වී සිටියහ. එවිට හෙතෙම ජලය ඉල්ලා සිටියේය. මජූසි (අග්නි පුදන්නෙකු) ජලය සැපයුවේය. ඔහු (රිදී) භාජනය ඔහුගේ අතේ තැබූ විට ඔහු එය විසි කළේය. තවදුරටත්, සැබැවින්ම මම ඔහුව වරක් හෝ දෙවරක් හෝ එසේ නොවැළැක්වූයේ නම්, මම එය නොකළ බව ඔහු පවසන්නට පුළුවන." නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ.
"ඔබ සේද හෝ දීජාබ් වර්ගයේ සේද නොඅඳින්න. රන් හා රිදී භාජනවල පානය නොකරන්න. ඒ පාත්‍රවල අනුභව නොකරන්න. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොව හිමි දෑය. අපට මතුලොව හිමි දෑය."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5426]
පුරුෂ පාර්ශවයට සේද හෝ සේද වර්ගයෙන් යුත් රෙදි ඇදීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම රන් හා රිදී භාජන හා භාණ්ඩවල ආහාර පාන ගැනීමෙන් ගැහැණු පිරිමි යන දෙපාර්ශවයම වැළැක්වූහ. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අල්ලාහ්ට අවනත වී මෙලොව ජීවිතයෙහි ඒවායින් වැළකී සිටින බැවින් ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට පමණක් සතු දෑ යන වග ද දන්වා සිටියහ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් වනාහී ඔවුන් දේව නියෝගයට පිටුපෑ බැවින් හා ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළම ඔවුන් ඒවා පරිහරනය කොට ඔවුන්ගේ සුඛස්වාදය කල් ඇතිවම භුක්ති විඳි බැවින් මතුලොවෙහි ඔවුනට ඒවා සතු නොවනු ඇත.