عَنْ رَافِعِ بْنِ خَدِيجٍ رَضيَ اللهُ عنهُ قَالَ:
كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذِي الحُلَيْفَةِ، فَأَصَابَ النَّاسَ جُوعٌ، فَأَصَابُوا إِبِلًا وَغَنَمًا، قَالَ: وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي أُخْرَيَاتِ القَوْمِ، فَعَجِلُوا، وَذَبَحُوا، وَنَصَبُوا القُدُورَ، فَأَمَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالقُدُورِ، فَأُكْفِئَتْ، ثُمَّ قَسَمَ، فَعَدَلَ عَشَرَةً مِنَ الغَنَمِ بِبَعِيرٍ فَنَدَّ مِنْهَا بَعِيرٌ، فَطَلَبُوهُ، فَأَعْيَاهُمْ وَكَانَ فِي القَوْمِ خَيْلٌ يَسِيرَةٌ، فَأَهْوَى رَجُلٌ مِنْهُمْ بِسَهْمٍ، فَحَبَسَهُ اللَّهُ، ثُمَّ قَالَ: «إِنَّ لِهَذِهِ البَهَائِمِ أَوَابِدَ كَأَوَابِدِ الوَحْشِ، فَمَا غَلَبَكُمْ مِنْهَا فَاصْنَعُوا بِهِ هَكَذَا»، فَقَالَ أي رافع: إِنَّا نَرْجُو -أَوْ نَخَافُ- العَدُوَّ غَدًا، وَلَيْسَتْ مَعَنَا مُدًى، أَفَنَذْبَحُ بِالقَصَبِ؟ قَالَ: «مَا أَنْهَرَ الدَّمَ، وَذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ فَكُلُوهُ، لَيْسَ السِّنَّ وَالظُّفُرَ، وَسَأُحَدِّثُكُمْ عَنْ ذَلِكَ: أَمَّا السِّنُّ فَعَظْمٌ، وَأَمَّا الظُّفُرُ فَمُدَى الحَبَشَةِ».
المزيد
රාෆිඃ ඉබ්නු කදීජ් (රළිය්ලලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෙමු. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ සතුරන් විසින් දමා ගිය) ඔටුවන් හා එළුවන් ඔවුහු හසුකර ගත්තෝය. එතුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිසේ අවසානයේ සිටියහ. ඔවුහු ඉක්මන් වී සතුන් කපා, පිසීමට භාජන පිළියෙල කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවා (හි තිබූ දෑ හලා) උඩු යටිකුරු කරන ලදී. අනතුරුව එතුමාණෝ බෙදා හරින්නට ගත්හ. එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළේය. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඔවුහු ඌ සොයා ගියෝය. එය ඔවුන් වෙහෙසට පත් කළේය. එම පිරිස අතර අශ්වයන් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න." තවදුරටත් රාෆි තුමා මෙසේ පැවසීය: සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. අපි බිය වන්නෙමු. අප සතුව පිහි නැත. අපි බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය. එතුමා: "ලේ වැගිරී යන්නට සළස්වා, ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන්ගේ ආයුධයකි."