عَنْ أَنَسٍ رَضيَ اللهُ عنهُ قَالَ:
ضَحَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ، ذَبَحَهُمَا بِيَدِهِ، وَسَمَّى وَكَبَّرَ، وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5565]
المزيــد ...
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 5565]
අං සහිත කළු සුදු මිශ්‍රිත පිරිමි බැටළුවන් දෙදෙනකු ඊදුල් අල්හා දින නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම අතින්ම කපා හැරිය බවත් එහිදී එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා සිටි බවත් එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූ බවත් අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.