+ -

عَن أُمِّ سَلَمَةَ أُمِّ المُؤْمِنينَ زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رضي الله عنها قَالت: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ كَانَ لَهُ ذِبْحٌ يَذْبَحُهُ فَإِذَا أُهِلَّ هِلَالُ ذِي الْحِجَّةِ، فَلَا يَأْخُذَنَّ مِنْ شَعْرِهِ، وَلَا مِنْ أَظْفَارِهِ شَيْئًا حَتَّى يُضَحِّيَ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1977]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බිරියක වූ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියක වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී.
“කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 1977]

විවරණය

කවරෙකු උල්හිය්යා වෙනුවෙන් කැප කළ සත්වයකු කපා හරින්නට තීරණය කළේද ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට, ඔහුගේ හිසකෙස් හෝ ඔහුගේ කිහිලි රෝම හෝ උඩු රැවුල හෝ ඒ හැර වෙනත් රෝම මෙන්ම අතේ හෝ පාදයේ ඇති නියපොතු යනාදී කිසිවක් (උල්හිය්යා දෙන තෙක්) ඉවත් නොකළ යුතුය.

හදීසයේ හරය

  1. කවරෙකු දුල් හජ් මස දසවන දින ළඟා වූ පසු උල්හිය්යා දෙන්නට චේතනා කළේ ද ඔහු එසේ චේතනා කළ අවස්ථාවේ සිට උල්හිය්යා දෙන තෙක් ඉහත සඳහන් කරුණුවලින් වැළකී සිටිය යුතුය.
  2. පළමු දිනයේ උල්හිය්යා නොදුන්න ද, අය්යාමුත් තෂ්රීක් අතරින් කවර හෝ දිනයක උල්හිය්යා දෙන තෙක්ම ඒවායින් වැළකී සිටිය යුතු වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි තායිලන්ත ආසාමි الأمهرية الهولندية الغوجاراتية الرومانية
අර්ථ කථන නිරීක්ෂණය