عن عبد الله بن عمر رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «لا ينظر الله إلى من جَرَّ ثوبه خُيَلَاءَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“තම වස්ත්රය උඩගු කමින් බිම ගාවා ඇඳගෙන යන්නා දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කවරෙකු අහංකාරකමින් හා මැවීම්වලට ඉහළින් වැජඹෙමින් මහපොළොවේ තම වස්ත්රය බිම ගාවා ඇඳගෙන යන්නේ ද එවන් අයට මෙම හදීසයේ දැඩි තරවටු කිරීමක් සඳහන් වී ඇත. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ් එවැන්නන් නොසලකා හරිනු ඇත. ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලනු ඇත. සියලු මැවීම් මත වන අල්ලාහ්ගේ පොදු බැල්ම තහවුරු කිරීම මෙය ප්රතික්ෂේප නොකරයි. ඇඳුම බිම ගාවමින් ඇදගෙන යෑම තහනම් කර ඇති බව පොදුවේ දන්නා කරුණක් වුව ද අහංකාරයෙන් යුතුව එය සිදු වී නම් එම තහනම ඊටත් වඩා දරුණු වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර