+ -

عَنْ أَبِي الدَّرْدَاءِ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَا شَيْءٌ أَثْقَلُ فِي مِيزَانِ الْمُؤْمِنِ يَوْمَ القِيَامَةِ مِنْ خُلُقٍ حَسَنٍ، وَإِنَّ اللَّهَ لَيُبْغِضُ الفَاحِشَ البَذِيءَ».

[صحيح] - [رواه أبو داود والترمذي] - [سنن الترمذي: 2002]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن الترمذي - 2002]

විවරණය

මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ක්‍රියාවන් හා ප්‍රකාශ අතරින් වඩාත් බරැති දෑ වනුයේ යහපත් ගුණදම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. එනම් සිනහ මුසු මුහුණ, හානි සිදුකිරීමෙන් ඉවත් වීම හා යහපත සිදු කිරීමය. ක්‍රියාවෙහි හා ප්‍රකාශයෙහි අශීලාචාරව කටයුතු කරන්නා කෙරෙහි හා ප්‍රකාශයෙහි අසභ්‍ය දෑ තෙපලන්නා කෙරෙහි උත්තරීතර අල්ලාහ් උරණ වේ.

හදීසයේ හරය

  1. යහපත් ගුණදම්වල මහිමය: සැබැවින්ම එය අදාළ තැනැත්තාට අල්ලාහ්ගේ ආදරය, ඔහුගේ ගැත්තන්ගේ ආදරය උරුම කර දෙයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිරනු ලබන දැයින් වඩාත් බලවත්ම දෑ එය වන්නේය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර