عن أنس بن مالك رضي الله عنه قال سمعت رسول الله صلى الله عليه وسلم يقول: «من أحبّ أن يُبْسَطَ عليه في رزقه، وأن يُنْسَأَ له في أَثَرِهِ؛ فَلْيَصِلْ رحمه».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ඔහුගේ පෝෂණ සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලැබීමත් ඔහුගේ ආයු කාලයේ ඔහුට (අමතර කාලයක්) එකතු කරනු ලැබීමත් ප්රිය කරන්නේ ද ඔහු ඔහුගේ ඥාතී සම්බන්ධකම් පවත්වා ගනිත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඥාති සම්බන්ධකම් පැවැත්වීම සඳහා උනන්දු කරවීමක් මෙම හදීසයේ සඳහන්ව ඇත. තවද අල්ලාහ්ගේ තෘප්තිය තහවුරු කිරීම සඳහා සම්බන්ධ වන එහි ඇතැම් ප්රයෝජන ද විස්තර කර ඇත. එමෙන්ම ගැත්තාට වඩාත් කැමති දෑ කල් ඇතිව ප්රතිඵල වශයෙන් හිමි කර ගැනීමේ හේතුකාරණා ද ඇත. සැබැවින්ම එය ඔහුගේ පෝෂණ සම්පත් ව්යාප්තිය හා විස්තීරණයට හේතු වන්නේය. එමෙන්ම ආයු කාලය වැඩිවීමටද හේතු වන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. ‘කිසියම් කෙනෙකුට ඔහුගේ අවසන් කාලය පැමිණි විට අල්ලාහ් ප්රමාද කරන්නේම නැත.” මෙහි අර්ථය වනුයේ: ආයුෂ දීර්ග වීමේ හේතු සාධක ඇති වීමෙන් පසු ඒ වෙත ළඟා වන අවසන් කාලයයි. ඒ අනුව සැබැවින්ම පුද්ගලයකුගේ වයස අවුරුදු පනහක් බව නිර්ණය කරනු ලැබුවේ නම් ඔහු මරණයට පෙර අවුරුදු හැට දක්වා ඔහුගේ ආයු කාලය දීර්ග වෙයි. ඉන්පසු අවුරුදු හැටට වඩා ප්රමාද කරනු නොලැබේ. මේ සියල්ල මූලාරම්භයේ සිටම අල්ලාහ් දනී. එය ඇතැම් මලක්වරුන්ට පවා ඔහු සඟවා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. මලක්වරුන්ගේ ලේඛනවලින් “ඔහු අභිමත කරන දෑ මකා දමයි. ඔහු අභිමත කරන දෑ ස්තීර කරයි.” එමෙන්ම “මව් ග්රන්ථය ඇත්තේ ඔහු අබියසය.” සෑම දෙයක්ම විස්තරාත්මකව ලියා ඇත්තේ එහි ය. ඉන් කිසිවක් වෙනස් වන්නේ නැත.