عن أبي سعيد رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «لا يَنظر الرَّجُل إلى عَوْرَة الرجل، ولا المرأة ُإلى عَوْرَة المرأة،ِ ولا يُفْضِي الرَّجُلُ إلى الرَّجُل في ثوب واحد، ولا تُفْضِي المرأةُ إلى المرأةِ في الثوب الواحد».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, "පිරිමියා පිරිමියාගේ රහසඟ දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහසඟ දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

පිරිමියා වෙනත් පිරිමියකුගේ රහසඟ නොබැලිය යුතුය. එමෙන්ම කාන්තාව වෙනත් කාන්තාවගේ රහසඟ දෙස නොබැලිය යුතුය. එය එසේ බලන පිරිමියාට හා කාන්තාවට වෙනත් අයගේ රහස්ය පෙදෙස් බැලීම තහනම් කරනු ලැබූවකි. කාන්තාව ඇයගේ රහසඟ අවශ්යතාවක් සඳහා නිරාවරණය කළද උදාහරණයක් වශයෙන් ප්රතිකාර සඳහා වෛද්යවරයෙක් ඉදිරියේ ඇයගේ රහසඟ නිරාවරණය කළද ඇය සමග ඇයගේ සහෝදරියක් වූවා නම් ඇයගේ සහෝදරියගේ රහසග බැලීම ඇයට සුදුසු නැත. එසේ නැතිනම් සුළඟට හෝ වෙනත් හේතුවකින් නිරාවරණය වූවානම් අනෙක් කාන්තාව විසින් ඇගේ දණහිස හා පෙකණිය අතර ඇති පෙදෙස නොබැලිය යුතුය. පිරිමියාගේ රහස්ය පෙදෙස වනුයේ ඔහුගේ දණහිස හා පෙකණිය අතර ඇති පෙදෙසය. කිසිදු චේතනාවකින් තොරව හෝ අවශ්යතාවක් සඳහා හෝ පිරිමියාගේ රහසඟ නිරාවරණය වූ විට සෙසු අය ඔහුගේ රහසඟ දෙස බැලීම සුදුසු නොවන්නේය. තම සහෝදරයාගේ රහසඟ අනපේක්ෂිත අයුරින් බලන්නට සිදු වූයේ නම් ඒ දෙස අඛණ්ඩව නොබලා තම බැල්ම වෙනතකට හරවා ගත යුතුය. "පිරිමියා පිරිමියා වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය." මෙහි තේරුම: ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ ශරීරය අනෙකාගේ ශරීරය සමඟ එකම රෙදිකඩක් තුළ නිරුවතින් නොදැවටිය යුතුය. ඔවුන් දෙදෙනාගෙන් අයකු අනෙකා සමග එසේ කටයුතු කළේ නම් ඔවුන් දෙදෙනාගෙන් අයකු තම සගයාගේ රහසඟෙහි ස්පර්ශ වීමක් වන්නේය. එසේ ස්පර්ශවීම එය බලන්නාක් මෙනි. එසේම එය තහනම් කිරීම අනුව බරපතල හා මහත් කරුණකි. පිරිමියා පිළිබඳ කියනු ලැබුවාක් මෙන් කාන්තාව පිළිබඳවත් මූලාශ්රයේ කියනු ලැබ ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර