عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «إن اليهود والنصارى لا يصبغون، فخالفوهم».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදි. "සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් වර්ණ නොගන්වති. එහෙයින් ඔවුනට වෙනස් අයුරින් ඔබලා කටයුතු කරනු."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වා සිටියි. සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ හිස කෙස් හා ඔවුන්ගේ රැවුල් වර්ණ නොගන්වති. ඉඳුනු කෙස් එලෙසම තිබෙන්නට ඉඩ හරිති. එහෙයින් හිස කෙස් වර්ණ ගැන්වීමෙන් හා හිසට හා රැවුලට මෙහෙන්දි භාවිත කිරීමෙන් ඔවුනට වෙනස්ව කටයුතු කරනු යැයි එතුමා අණ කර සිටියහ.

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: الإنجليزية الأوردية الإسبانية අමතර (16)
අමතර