عن عمر بن الخطاب رضي الله عنه قال: قَالَ رَسُولُ الله صلى الله عليه وسلم : «إنَّ الله يَنْهَاكُمْ أَن تَحْلِفُوا بِآبَائِكم». وَلمسلم: «فَمَن كان حَالِفا فَلْيَحْلِف بِالله أو لِيَصْمُت». وَفِي رِوَايَةٍ قَالَ عُمَرُ رضي الله عنه قال: «فَوَالله ما حَلَفْتُ بِهَا منذ سَمِعْت رَسُولَ الله يَنْهَى عَنْهَا، ذَاكراً وَلا آثِراً».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.” මුස්ලිම් සතු වාර්තාවකට අනුව "c2">“කවරෙකු දිවුරන කෙනෙකු වීද ඔහු අල්ලාහ් මත දිවුරා සිටිත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා!” තවත් වාර්තාවක උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කර ඇත්තාහ. "c2">“අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ දූතයාණන් ඉන් වැළැක්වූ බවට මාගේ කණට වැකුණු දා පටන් මා මත හෝ වෙනත් අයකු මත හෝ මම එසේ දිවුරා නොසිටියෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

උමර් (රළියල්ලාහු අන්හු) තුමා තම දෙමාපියන් මත දිවුරමින් සිටිනු අල්ලාහ්ගේ දූතයාණන්ගේ සවනට වැකිණි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම උස්හඬින් ඔවුන් අමතා: "c2">“ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.” යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝගය සහාබාවරු පිළිපැද්දෝය. ඔවුන් අල්ලාහ් හැර වෙනත් දෑ මත දිවුරා නොසිටියහ. එය කෙතරම්ද යත්, උමර් තුමා මෙසේ මතක් කර සිටියේය. ‘මේ ගැන අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කළ සිද්ධිය එතුමාගේ සවනට වැකුණු දා පටන් අල්ලාහ් හැර වෙනත් දෑ මත -එය උවමනාවෙන් හෝ වෙනත් අයෙකුගේ දිවුරීම වාර්තා කිරීමක් වශයෙන් හෝ - දිවුරා නොසිටියහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර