عن عائشة رضي الله عنها ، قالت: سَأَل رسول الله صلى الله عليه وسلم أُنَاسٌ عن الكُهَّان، فقال: «ليْسُوا بشيء» فقالوا: يا رسول الله إنهم يُحَدِّثُونَا أحْيَانَا بشيء، فيكون حَقَّا؟ فقال رسول الله صلى الله عليه وسلم : «تلك الكلمة من الحَقِّ يخْطفُها الجِنِّي فَيَقُرُّهَا في أُذُنِ وليِّه، فَيَخْلِطُونَ معها مائة كَذِبَة». وفي رواية للبخاري عن عائشة رضي الله عنها : أنها سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إن الملائكة تَنْزِل في العَنَانِ -وهو السَّحَاب- فَتَذْكُرُ الأمر قُضِيَ في السماء، فَيَسْتَرِقُ الشيطان السَّمْعَ، فيسمعه، فيُوحِيَه إلى الكُهَّان، فيكذبون معها مائة كَذْبَة من عند أَنْفُسِهم».
[صحيح] - [الرواية الأولى: متفق عليها. الرواية الثانية: رواها البخاري]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ජනයා ඉන්ද්රජලකයින් පිළිබඳව අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසා සිටියේය. එවිට එතුමා: "c2">“ඔවුන් තුළ කිසිවක් නැත” යැයි පැවසීය. එවිට ඔවුහු: "c2">“අල්ලාහ්ගේ දූතයාණෙනි, ඇතැම් විට ඔවුන් අපට කරුණක් පැවසූ විට එය සැබෑවක් වන්නේය? යැයි පවසා සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්: ‘එම ප්රකාශය සත්යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දැයයි. ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති.” බුහාරි හි සඳහන් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයක: සැබැවින්ම ඇය අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයට සවන් දුන් බව පවසමින් මෙසේ වාර්තා කරයි: "c2">“සැබැවින්ම මලක්වරුන් වළාවන් අතරට පහළ වී අහසෙහි තීන්දු කරන ලද කරුණු මෙනෙහි කරයි. ෂෙයිතාන් හොරෙන් කන්දී එයට සවන් දෙයි. පසුව ඔහු එය ඉන්ද්රජාලකයින් වෙත දන්වා සිටියි. ඔවුන් ඒ සමගම ඔවුන් වෙතින් ද බොරු සියයක් ගොතා පවසති.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී සැබැවින්ම මිනිසුන් කණ්ඩායමක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් අනාගතයේ සිදුවන ගුප්ත දෑ පිළිබඳ තොරතුරු දන්වා සිටින්නන් පිළිබඳව විමසා සිටියෝය. එවිට එතුමා: "c2">“ඔවුන් ගැන නුඹලා කරදර නොවන්න. ඔවුන්ගේ කතාව ගණන් නොගන්න. ඔවුන්ගේ කරුණ නුඹලාට වැදගත් වන්නේ නැත” යැයි පැවසූහ. එවිට ඔවුහු: "c2">“සැබැවින්ම ඔවුන්ගේ ප්රකාශය සිදුවන දෑට අනුගතව පවතී. ඔවුන් මේ මාසයේ මේ දිනයේ ගුප්ත කරුණක සිදුවීමක් ගැන දන්වා සිටියේ නම් සැබැවින්ම එය ඔවුන්ගේ ප්රකාශයට අනුව සිදු වනු ඇතැ”යි පවසා සිටියහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "c2">“සැබැවින්ම ජින්වරුන් සවන් දෙන අහස් තොරතුරු පැහැර ගෙනැවිත් ඔවුන්ගේ ඉන්ද්රජලික මිතුරන් වෙත පැමිණ ඔවුන් සවන් දුන් දෑ ඔවුන් වෙත දන්වා සිටිති. පසුව එම ඉන්ද්රජාලකයා තමන් අහසින් සවන් දුන් ඒ කරුණ සමග බොරු සියයක් එකතු කරයි.” යැයි පැවසූහ. බුහාරි හි එන වාර්තාවේ අර්ථය වන්නේ: මෙලොව වාසීන්හට දෛනිකව සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අල්ලාහ් තීන්දු කරන දෑට සැබැවින්ම මලක්වරුන් සවන් දී පසුව වළාවන් අතරට පහළ වී ඔවුන් එකිනෙකා ඒ ගැන කතා කරති. එවිට ෂෙයිතාන් එම තොරතුරු පැහැර ගෙන පසුව ඒ සමග ඔවුන්ගේ හිත මිතුරු ඉන්ද්රජාලිකයින් වෙත පැමිණ ඔවුන් සවන් දුන් දෑ ඔවුනට දන්වා සිටිති. පසුව ඉන්ද්රජාලිකයා තමන් සවන් දුන් දෑ මත බොරු සියයක් හෝ ඊට අධිකව එකතු කර සිටියි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. හූනියම්කරුවන් ඉන්ද්රජාලිකයන් විශ්වාස කිරීම තහනම් කර ඇත. සැබැවින්ම ඔවුන් පවසන දෑ බොරුය. ඇතැම් වේලාවන්හි ඔවුන් සත්ය පැවසුව ද එය ගොතා පවසන්නක් වේ.
  2. ඉන්ද්රජාලිකයන්ගේ ප්රකාශය සත්යය බව විශ්වාස නොකළ යුතුයි. එය හොරෙන් සවන් දුන් ජින්නුන්ගෙන් ලබා ගත් දෑය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාගේ නබිත්වයට පෙර ඔවුන් මෙලොවට සමීප අහසේ වාඩි වී උසස් පිරිස අතර සිදුවන දෑට සවන් දෙති. පසු ව එය අහෝසි විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීමෙන් එය ඔවුනට වළක්වනු ලැබීය. පසුව ඔවුන් හොරෙන් සවන් දෙන්නට පටන් ගත්තෝය. ඔවුනට උල්කාපාත වලින් පහර දෙනු ලබති. ඒ ගැන අල් කුර්ආනයද දන්වා සිටියි.
  3. ජින්නුන් තම කිට්ටු මිතුරන් ලෙස මිනිසුන් තෝරා ගනිති.
  4. ෂෙයිතානුන් හොරෙන් සවන්දීම පවතින්නකි. නමුත් එය අඥාන යුගයේ ඔවුන් සිටි තත්ත්වය ගැන සලකා බැලීමේදී එය වියැකී යන තෙක්ම එය ඉතා අල්පය; විරලය.
අමතර