عن أبي بَشير الأنصاري رضي الله عنه:
أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ أَسْفَارِهِ، قَالَ: فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَسُولًا -وَالنَّاسُ فِي مَبِيتِهِمْ-: «لَا يَبْقَيَنَّ فِي رَقَبَةِ بَعِيرٍ قِلَادَةٌ مِنْ وَتَرٍ أَوْ قِلَادَةٌ إِلَّا قُطِعَتْ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2115]
المزيــد ...

අබූ බෂීර් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වන ලදී:
හෙතෙම සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඇතැම් ගමන් බිමන් හි නිරත වී ඇති බව පවසා, "ජනයා ඔවුන්ගේ නවාතැන්හි සිටිය දී- එතුමා ‘එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2115]

විවරණය

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ සමහර චාරිකාවල යෙදී සිටියහ. රාත්‍රියේ මිනිසුන් තම නවාතැන් සහ කූඩාරම්වල නැවතී නිදා සිටින ස්ථාන වලට පුද්ගලයෙකු යවා කොටලුවන්ගේ කරට දමා ඇති මාල, එය -දුන්නට සවි කර ඇති නූලක් මෙන්- නූලකින් හෝ වේවා හෝ සීනුව හෝ සපත්තු වැනි දැයින් වූ වෙනත් පටියකින් හෝ වේවා එය කපා දැමීමට ඔවුනට නියෝග කළහ. ඔවුන් එසේ කර වටා මාල දමා තිබුනේ නපුරු ඇසෙන් (ඇස්වහින්) වැළකී සිටීම සඳහා ය. එය ඔවුන්ගෙන් කිසිවක් පලවා නොහරින බැවින් හා සෙත හා හානිය, කිසිදු හවුල් කරුවකු නොමැති අල්ලාහ්ගේ දෑතෙහි පමණක් වන බැවින්, එය කපා හරින ලෙස ඔවුනට නියෝග කරනු ලැබීය.

හදීසයේ හරය

  1. ප්‍රයෝජනය ගෙන දීමට හෝ හානිය වළක්වා ගැනීමට හෝ එසේ නූල් හෝ පටි ගැට ගැසීමේ තහනම. හේතුව එය දෙවියන්ට ආදේශ තැබීමේ කරුණක් වන බැවිනි.
  2. එවැනි හේතුවකින් තොරව අලංකාරය සඳහා හෝ සතාව මෙහෙයවීම සඳහා හෝ ඌ ගැට ගසා තැබීම සඳහා හෝ එසේ ලණුවක් බදින්නේ නම්, එහි කිසිදු වරදක් නැත.
  3. තමන්ට හැකි අයුරින් පිළිකුල් සහගත දෑ ප්‍රතික්ෂේප කිරීම අනිවාර්ය වේ.
  4. කිසිදු හවුල්කරුවකු නැති අල්ලාහ් සමග පමණක් හදවත සම්බන්ධ කළ යුතුය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (62)
අමතර