عن عديّ بن حاتم رضي الله عنه قال: قلتُ: يا رسول الله، إني أُرسلُ الكلاب المعلَّمة، فيُمسِكنَ عليّ، وأذكرُ اسم الله؟ فقال: "إذا أرسلتَ كلبَكَ المعلَّمَ، وذكرتَ اسمَ الله، فكُلْ ما أمسكَ عليك"، قلت: وإن قتلنَ؟ قال: "وإن قَتلْنَ، ما لم يَشْرَكْها كلبٌ ليس منها"، قلتُ له: فإني أرمي بالمِعْراض الصيدَ فأُصُيبُ؟ فقال: "إذا رميتَ بالمعراضِ فخزَقَ فكلْهُ، وإن أصابَه بعَرْضٍ فلا تأكلْهُ". وحديث الشعبي، عن عدي نحوه، وفيه: "إلا أن يأكل الكلب، فإن أكل فلا تأكل؛ فإني أخاف أن يكون إنما أمسك على نفسه، وإن خالطها كلاب من غيرها فلا تأكل؛ فإنما سميت على كلبك، ولم تسم على غيره". وفيه: "إذا أرسلت كلبك المكلب فاذكر اسم الله، فإن أمسك عليك فأدركته حيا فاذبحه، وإن أدركته قد قتل ولم يأكل منه فكله، فإنَّ أخْذَ الكلبِ ذَكَاته". وفيه أيضا: "إذا رميت بسهمك فاذكر اسم الله". وفيه: "فإن غاب عنك يوما أو يومين -وفي رواية: اليومين والثلاثة- فلم تجد فيه إلا أثر سهمك، فكل إن شئت، فإن وجدته غريقا في الماء فلا تأكل؛ فإنك لا تدري الماء قتله، أو سهمك؟
[صحيح] - [متفق عليه]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

අදිය්යි ඉබ්නු හාතිම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ‘අල්ලාහ්ගේ දූතයාණනි, මම පුහුණු කරන ලද සුනඛයන් යවමි. උන් මා වෙත දඬයම් කර ගෙන එති. තවද මම අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරමි’ යැයි පැවසීය. එයට එතුමාණෝ ‘පුහුණු කරන ලද ඔබේ සුනඛයා ඔබ එවමින් ඒ මත අල්ලාහ්ගේ නාමය පවසන්නෙහි නම් එවිට ඌ නුඹ වෙත අල්ලාගෙන එන දෑ නුඹ අනුභව කරනු’ යැයි පැවසූහ. මම එතුමාගෙන් ‘උන් මරා දමා එය ගෙන එන්නේ නම්’ යැයි පැවසීය. එවිට ‘ඒ සඳහා වෙනත් සුනඛයකු සහභාගී නොවී උන් මරා දමා ගෙන එන්නේ නම් (කම් නැතැයි)’ පැවසූහ. පසු ව මම නැවතත් එතුමාගෙන් ‘සැබැවින්ම මම දඩයම සඳහා හෙල්ලද වීසි කරමි. එවිට එය උන්ට එල්ල වනු ඇත.’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘ඔබ හෙල්ල විසි කර ඉරී ගියේ නම් එවිට නුඹ අනුභව කරනු. (උල් නොමැති වෙනත්) වස්තුවක් මගින් ඌට පහර එල්ල වී (මැරී) ඇත්නම් එවිට නුඹ අනුභව නොකරනු. අදී තුමා විසින් ලබා අෂ්-ෂඃබී (රළියල්ලාහු අන්හු) මෙවැනිම හදීසයක් වර්තා කර ඇත. එහි ‘සුනඛයා කා ඇත්නම් හැර. එසේ සුනඛයා කා ඇත්නම් එවිට නුඹ අනුභව නොකරනු. ඌ එසේ දඬයම් කර ඇත්තේ ඌ වෙනුවෙන් යැයි මම බිය වෙමි. එමෙන්ම ඌ සමග ඌ හැර වෙනත් සුනඛයින් ද හවුල් වී ඇත්නම් එවිට ද නුඹ අනුභව නොකරනු. හේතුව නුඹ අල්ලාහ්ගේ නාමය පවසා සිටියේ නුඹේ සුනඛයා වෙත පමණය. ඒ හැර වෙනත් උන් වෙත අල්ලාහ්ගේ නාමය නුඹ සඳහන් නොකළෙහිය’ යැයි එතුමාණෝ පැවසූහ. තවදුරටත් එහි ‘පුහුණු කරන ලැබූ නුඹේ සුනඛයා නුඹ එවන්නෙහි නම් අල්ලාහ්ගේ නාමය මෙනෙහි කර එවනු. ඌ නුඹ වෙනුවෙන් දඬයම් කර ගෙනැවිත් නුඹ එය ප්රාණ සහිත ව ලබන්නෙහි නම් එවිට (නුඹ ගෙල කපා) දබහු කරනු. ඉන් කිසිවක් ඌ අනුභව නොකොට ඔබ එය මැරී ගිය තත්ත්වයේ ලබන්නෙහි නම් එවිට නුඹ එය අනුභව කරනු. හේතුව සුනඛයා ගේ ග්රහණය එහි කුර්බානය වේ. එහි සඳහන් තවත් වාර්තාවක ‘ඔබේ හීය ඔබ විසි කළ විට අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු.’ එහි තවත් වාර්තාවක ‘නුඹෙන් දිනක් හෝ දින දෙකක් සැඟ වී සිට (තවත් වාර්තාවක් අනුව දින දෙකක් හෝ තුනක් යැයි සඳහන් ව ඇත.) පසු ව ඔබේ හීයේ සලකුණ හැර වෙනත් කිසිදු තුවාලයක් එහි නුඹ නොදුටුවෙහි නම් නුඹ කැමති නම් අනුභව කරනු. ජලයේ ගිලුණු තත්ත්වයේ නුඹ එය ලබන්නෙහි නම් එවිට නුඹ අනුභව නොකරනු. හේතුව ඌ මරා දැමුවේ ජලය ද එසේ නැතහොත් නුඹේ හීය ද යන්න වග නියත වශයෙන්ම නුඹ නොදන්නෙහිය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය