عن أبي هريرة رضي الله عنه مرفوعاً: «قال الله عز وجل : أنا عند ظنِّ عَبدي بي، وأنا معه حيث يَذكُرني، والله، لَلَّه أَفرَحُ بِتَوبَةِ عَبدِهِ مِنْ أَحَدِكُم يَجدُ ضَالَّتَهُ بالفَلاَة، وَمَنْ تَقَرَّب إِلَيَّ شِبْرًا، تقرَّبتُ إليه ذِرَاعًا، ومن تقرب إلي ذِراعًا، تقربت إليه بَاعًا، وإذا أَقْبَلَ إِلَيَّ يمشي أَقْبَلْتُ إِلَيهِ أُهَرْوِلُ». متفق عليه، وهذا لفظ إحدى روايات مسلم. وروي في الصحيحين: «وأنا معه حِينَ يَذْكُرُنِي» بالنون، وفي هذه الرواية. «حيث» بالثاء وكلاهما صحيح.
[صحيح] - [متفق عليه وها لفظ مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“මම මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදි මම ඔහු සමග වෙමි.” යැයි උත්තරීතර අල්ලාහ් පැවසීය. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතරින් කිසිවකු හෝ පාළුකරයේ නැතිවුනු භාණ්ඩයක් ලැබුනු විට ඔහු සතුටු වනවාට වඩා තම ගැත්තා පාපක්ෂමාව ඇයද සිටීමෙන් අල්ලාහ් මහත්සේ සතුටට පත් වෙයි. තවදුරටත් "c2">“කවරෙකු මා වෙත වියතක් සමීප වන්නේ ද මම ඔහු වෙත බාහුවක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක් සමීප වන්නේ ද මම ඔහු වෙත බාහු දෙකක ප්රමාණයක් සමීප වෙමි. ඔහු ගමන් කරමින් මා වෙත පැමිණි විට මම ඔහු වෙත වේගයෙන් පැමිණෙමි” බුහාරි හා මුස්ලිම්. මෙය මුස්ලිම්හි සඳහන් වදන් පෙළයි. බුහාරි හා මුස්ලිම්හි සඳහන් තවත් ප්රකාශයක: "c2">“ඔහු මා මෙනෙහි කරන අවස්ථාවේ මම ඔහු සමග වෙමි” මෙහි දී ‘හීන’ යන අරාබි පදය භාවිතා කර තිබුණද මෙම හදීසයේ ‘හයිසු’ යන අරාබි පදය භාවිත කර ඇත. ‘අවස්ථාව’ යන තේරුම දෙන ඒ දෙකම නිවැරදි වන්නේය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නියත වශයෙන්ම තම ගැත්තා තමන් ගැන සිතන සිතුවිලි ඉදිරියේ උත්තරීතර අල්ලාහ් සිටියි. ඔහු ගැන ඔහු යහපත සිතුවේ නම් එය ඔහුට යහපත් වනු ඇත. ඒ හැර වෙනත් දෙයක් සිතුවේ නම් එය ද ඔහුට වනු ඇත. ඉමාම් අහ්මද්ගේ මුස්නද් නම් හදීස් කෘතියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක් මෙසේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. (මම මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි ඉදිරියේ සිටිමි. ඔහු මා ගැන යහපතක් සිතුවේ නම් එය ඔහුට හිමිය. ඔහු යම් නපුරක් සිතුවේ නම් එයද ඔහුට හිමිය.” නමුත් සර්වබලධාරී අල්ලාහ් ගැන සිතුවිලි යහපත් වනුයේ කවදාද? අල්ලාහ් පිළිබඳ සිතුවිලි යහපත් වනුයේ අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ අපේක්ෂාවන් අනිවාර්යය කරන කටයුතු සිදු කරන විටය. ඒ අනුව දැහැමි කටයුතු ඔහු සිදු කරයි. සිතුවිලි යහපත් කර ගනී. එය අල්ලාහ් පිළිගැනීම හේතුවෙනි. සිතුවිලි යහපත් වී එය ක්රියාත්මක නොකරන්නේ නම් එය ද අල්ලාහ් කෙරෙහි කැමැත්ත පිහිටුවාලන කරුණකි. කවරෙකු තම ආත්මය ආශා කරන දෑ අනුගමනය කොට අල්ලාහ් මත උදාර අපේක්ෂාවන් තබන්නේ ද ඔහු නොහැකියාවන්තයෙකි. අල්ලාහ්ට පිටුපාමින් ඔබ සමග පොර බැද සිතුවිලි යහපත් කරන්නට බලන්නේ නම් එය නොහැකියාව ඇත්තන්ගෙන් සිරිතක් වන්නේය. ඔවුනට ඒ වෙත හැරීයන්නට තරම් මූලික සම්පත් නොවනු ඇත. ඉබ්නු අල් කය්යුම් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසුවේය. "c2">“සැබැවින්ම යහපත් සිතුවිලි ඇති වනුයේ යහපත සිදු කිරීමත් සමගය යන්නට කිසිදු සැකයක් නැත. සැබැවින්ම යහවැඩ කරන්නා තම පරමාධිපති තමන් කළ යහ ක්රියාවන්ට ප්රතිඵල පිරිනමනු ඇතැයි ද ඔහුගේ පොරොන්දු ඔහු කඩ නොකරනු ඇතැයි ද ඔහුගේ පාපක්ෂමාව ඔහු පිළිගනු ඇතැයි ද ඔහුගේ පරමාධිපති පිළිබඳව ඔහු යහපත් සිතුවිලි ඇති කර ගනී. මහා පාපකම්, අපරාධ, විරුද්ධවාදීකම්වල නිතර නිරත වන නපුරකු වනාහි, සැබැවින්ම පිටුපෑම, අපරාධය හා තහනම් දෑහි කෲරත්වය තම පරමාධිපති ගැන යහපත් සිතුවිලි ඇති කර ගැනීමෙන් ඔහුව වළක්වනු ඇත. සැබැවින්ම තම ස්වාමියාට අවනත වීමෙන් ඉවත් වී පැන යන වහලා ඔහු ගැන යහපතක් නොසිතනු ඇත. නපුරුකමේ කෲරත්වය දැහැමි සිතුවිල්ලේ යහපත්කම සමග කිසිවිටෙක එකතු වන්නේ නැත. ඒ අනුව සැබැවින්ම දුෂ්ඨයා ඔහුගේ නපුරුකම්වල ප්රමාණය අනුව කෲර වන්නේය. තම පරමාධිපති ගැන සිතන ජනයා අතරින් වඩාත් යහපත්ම පුද්ගලයා වනුයේ ඔවුන් අතරින් ඔහුට වඩාත් අවනත වන පුද්ගලයාය. අල්හසන් අල්බසරී තුමා මෙසේ පවසයි. සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නා තම පරමාධිපති පිළිබඳ සිතුවිලි යහපත් කර ගනී. ඒ අනුව කටයුතු ද යහපත් කර ගනී. එමෙන්ම දුෂ්ඨයා තම පරමාධිපති පිළිබඳ සිතුවිලි නරක් කර ගනී. ඒ අනුව කටයුතු ද නරක් කර ගනී.” නැති වූ භාණ්ඩයක් හමුවූ කෙනෙකු සතුටු වනවාට වඩා තම ගැත්තෙක් පාපක්ෂමාවේ නිරත වීම තුළින් අල්ලාහ් ඔහුට ඔබින පරිදි වඩාත් සතුටට පත් වන්නේය. එය කාන්තාර මධ්යයේ නැති වූ භාණ්ඩයක් නිසාවෙනි. පාපක්ෂමාව, වරද පිළිගැනීම, ඒ ගැන දුක් වීම, එය ඉවත් කිරීම, තමන් කළ වරද වෙත නැවත හැරී නොයන බවට මිනිසා ස්ථීර කර ගැනීම ද එලෙසය. පසුව උත්තරීතර අල්ලාහ් තම ගැත්තන් හට වඩාත් ත්යාගශීලී යැයි සඳහන් කරයි. මිනිසා අල්ලාහ් වෙත වියතක් සමීප වූ විට අල්ලාහ් ඔහුට බාහුවක තරම් සමීප වන්නේය. ඔහු ඔහුට බාහුවක තරම් සමීප වූ විට බාහු දෙකක තරම් ඔහු ඔහුට සමීප වන්නේය. ඔහු වෙතට ඔහු ඇවිදිමින් පැමිණියේ නම් සර්වබලධාරියාණන් ඔහු වෙත සීඝ්රයෙන් පැමිණෙනු ඇත. ඔහු ත්යාගශීලීභාවයෙන් අතිමහත්ය. තම ගැත්තාට ප්රතිචාර දැක්වීමෙහි ඉතා වේගවත්ය. මෙම හදීසය වනාහි: අහ්ලුස් සුන්නා වල්ජමාආත්වරු විශ්වාස කරන පරිදි අල්ලාහ් සතු යථාර්ථයන් සැබෑය. නමුත් වේගයෙන් ඔහුගේ පැමිණීම කෙසේ වන්නේද? ඔහුගේ සමීප වීම කෙසේ වන්නේද යන්න අපි නොදනිමු. එහි ක්රමවේදය අල්ලාහ් වෙතම යොමුව පවතින්නකි. ඒ ගැන කතා කිරීම අපට සුදුසු නැත. නමුත් අපි එහි අර්ථය විශ්වාස කරමු. එහි ක්රමවේදය කීර්තිමත් අල්ලාහ් වෙතටම යොමු කරමු. අල්ලාහ් තම ගැත්තා සමග වීම වර්ග දෙකකි. විශේෂයෙන්ම, උපකාරය හා ශක්තිමත් කිරීම අවශ්ය වන්නකි. හදීසයේ සඳහන් කරනු ලැබ ඇත්තේ එයයි. පොදුවේ දැනුම හා ආවරණය කිරීම අවශ්යය වන්නකි. එය අල්ලාහ්ට ගැළපෙන පරිදි පිහිටන යථාර්ථවාදී ගුණාංගයකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර