عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«يَقْبِضُ اللَّهُ الأَرْضَ، وَيَطْوِي السَّمَوَاتِ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ: أَنَا المَلِكُ، أَيْنَ مُلُوكُ الأَرْضِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4812]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 4812]
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පෘථිවිය අල්ලා එය එක්රැස් කරයි. තම දකුණතින් අහස් තුනී කර එය එකිනෙක මත තබා ඔතයි. ඒ සමගම එය පහ වී ගොස් විනාශ වී යයි. පසුව "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි.