عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«يَقْبِضُ اللَّهُ الأَرْضَ، وَيَطْوِي السَّمَوَاتِ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ: أَنَا المَلِكُ، أَيْنَ مُلُوكُ الأَرْضِ».

[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පෘථිවිය අල්ලා එය එක්රැස් කරයි. තම දකුණතින් අහස් තුනී කර එය එකිනෙක මත තබා ඔතයි. ඒ සමගම එය පහ වී ගොස් විනාශ වී යයි. පසුව "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ උරුදු ඉන්දුනීසියානු බොස්නියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සැබැවින්ම අල්ලාහ්ගේ රාජ්‍යය සදා පවතින බවත් එය හැර සෙසු රාජ්‍යයන් අහෝසි වී යන බවත් සිහිපත් කිරීම.
  2. අල්ලාහ්ගේ කීර්තිය, ඔහුගේ බලයේ හා ආධිපත්‍යයේ සර්වබලධාරිත්වය හා ඔහුගේ රාජ්‍යයේ පූර්ණත්වය.
අමතර