عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَقُومُ السَّاعَةُ حَتَّى يَتَقَارَبَ الزَّمَانُ، فَتَكُونَ السَّنَةُ كَالشَّهْرِ، وَيَكُونَ الشَّهْرُ كَالْجُمُعَةِ، وَتَكُونَ الْجُمُعَةُ كَالْيَوْمِ، وَيَكُونَ الْيَوْمُ كَالسَّاعَةِ، وَتَكُونَ السَّاعَةُ كَاحْتِرَاقِ السَّعَفَةِ الْخُوصَةُ».
[صحيح] - [رواه أحمد] - [مسند أحمد: 10943]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"කාලය පටු වන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. එවිට වසර මාසය මෙන් වනු ඇත. මාසය සතිය මෙන් වනු ඇත. සතිය දිනය මෙන් වනු ඇත. දිනය හෝරාව මෙන් වනු ඇත. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් වනු ඇත."
[صحيح] - [رواه أحمد] - [مسند أحمد - 10943]
කාලය පටුවීම අවසන් හෝරාවේ සළකුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එවිට වසර මාසයක් ගත වන්නා සේ හඹා යයි. මාසය සතියක් ගත වන්නා සේ හඹා යයි. සතිය දිනයක් ගත වන්නා සේ හඹා යයි. දිනය එක් හෝරාවක් ගත වන්නා සේ හඹා යයි. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් ඉතා ඉක්මණින්ම හඹා යයි.