عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَقُومُ السَّاعَةُ حَتَّى يَتَقَارَبَ الزَّمَانُ، فَتَكُونَ السَّنَةُ كَالشَّهْرِ، وَيَكُونَ الشَّهْرُ كَالْجُمُعَةِ، وَتَكُونَ الْجُمُعَةُ كَالْيَوْمِ، وَيَكُونَ الْيَوْمُ كَالسَّاعَةِ، وَتَكُونَ السَّاعَةُ كَاحْتِرَاقِ السَّعَفَةِ الْخُوصَةُ».

[صحيح] - [رواه أحمد]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"කාලය පටු වන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. එවිට වසර මාසය මෙන් වනු ඇත. මාසය සතිය මෙන් වනු ඇත. සතිය දිනය මෙන් වනු ඇත. දිනය හෝරාව මෙන් වනු ඇත. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් වනු ඇත."

පූර්ව සාධක සහිත හදීසයකි. - අහ්මද් එය වාර්තා කර ඇත.

විවරණය

කාලය පටුවීම අවසන් හෝරාවේ සළකුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එවිට වසර මාසයක් ගත වන්නා සේ හඹා යයි. මාසය සතියක් ගත වන්නා සේ හඹා යයි. සතිය දිනයක් ගත වන්නා සේ හඹා යයි. දිනය එක් හෝරාවක් ගත වන්නා සේ හඹා යයි. හෝරාව ඉඳි කොළයක් පිළිස්සී යන්නාක් මෙන් ඉතා ඉක්මණින්ම හඹා යයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ උරුදු ඉන්දුනීසියානු බොස්නියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. කාලයේ ආශීර්වාදය නැති වී යාම හා ඉක්මණින් ගත වීම අවසන් හෝරාවේ සළකුණකි.
අමතර