عن أنس بن مالك رضي الله عنه مرفوعاً: «إنَّ اللهَ يقول لأهونِ أهلِ النارِ عذابًا: لو أنَّ لك ما في الأرضِ من شيءٍ كنتَ تفتدِي به؟ قال: نعم، قال: فقد سألتُك ما هو أهونُ مِن هذا وأنت في صُلْبِ آدمَ، أنْ لا تُشْرِكْ بي، فأبيتَ إلَّا الشِّركَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“සැබැවින්ම අල්ලාහ් දෙවිඳාණන් අවම ලෙස දඬුවම් ලබන නිරාවාසීන්හට: “මහපොළොවේ ඇති යමක් ඔබ සතුව තිබුණේ නම් එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. එයට ඔහු ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘නුඹ ආදම්ගේ කොඳු ඇට පෙළෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම නුඹෙන් ඉල්ලුවෙමි. එනම් නුඹ මට ආදේශ නොකිරීමය. නමුත් නුඹ ආදේශ කිරීම මිස එයට පිටුපෑවෙහිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබැවින්ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර අවම ලෙස දඬුවම් ලබන්නන්හට: "c2">“මහපොළොවේ ඇති සියලු දෑ ඔබ සතුව තිබුණේ නම් මෙම දඬුවමින් මිදීමට නුඹ එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. එයට ඔහු ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. පසුව උත්තරීතර අල්ලාහ්: ‘නුඹ නුඹේ පියාගේ කොදු ඇට පෙළෙහි සිටියදී මම නුඹෙන් යමක් ඉල්ලුවෙමි. එය මීට වඩා නුඹට පහසු විය. එනම් මට කිසිවක් ආදේශ නොකරනුයි යන ප්රතිඥාව හා ගිවිසුම නුඹ වෙතින් ගනිමිනි. නමුත් නුඹ ඉන් වැළකී සිට, මට ආදේශ කළෙහිය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. "c2">“ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොඳු නාරටියෙහි ඔවුන්ගේ පරම්පරාව සිටිය දී නුඹේ පරමාධිපති ප්රතිඥාවක් ගෙන, ඔවුන් ඔවුන්ටම සාක්ෂි කරුවන් බවට පත් කර මම නුඹලාගේ පරමාධිපති නොවේ ද යැයි විමසීය. ඔවුහු එසේය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා එසේ පැවසීම සම්බන්ධයෙන් අපි සාක්ෂිකරුවන් වෙමු. ඒ ගැන අපි නොසැලකිලිමත් අය ලෙස සිටියෙමු යැයි පවසති.”

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර