عن أبي سعيد الخدري وأبي هريرة رضي الله عنهما مرفوعاً: «إذا دخلَ أهلُ الجنةِ الجنةَ يُنَادِي مُنادٍ: إن لكم أن تَحْيوا، فلا تَموتُوا أبداً، وإن لكم أن تَصِحُّوا، فلا تَسقَمُوا أبداً، وإن لكم أن تَشِبُّوا فلا تَهرَمُوا أبداً، وإن لكم أن تَنعَمُوا، فلا تَبْأسُوا أبداً».
[صحيح] - [رواه مسلم، وفي لفظه تقديم وتأخير]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රී හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට නිවේදකයෙක් “සැබැවින්ම නුඹලා ජීවත් වීම නුඹලාට ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලා ආරෝග්යමත්ව සිටීම නුඹලාට ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. නුඹලා තරුණයින් වීම නුඹලාට ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලා භුක්ති විඳීම නුඹලාට ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක අභාග්යමත් තත්වයට පත් නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

ස්වර්ගයේ සුවපහසුකම් අතරින් සැබැවින්ම ස්වර්ගවාසීන්හට ඔවුන් අතර නිවේදකයකු "c2">“සැබැවින්ම නුඹලා (මෙහි) ජීවත් වීම නුඹලාට නිත්යයයි. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලා ආරෝග්යමත්ව සිටීම නුඹලාට ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත.” යැයි නිවේදනය කරන බව සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටීම ද එකකි. එනම් සැබැවින්ම ඔවුන් සදාතනික සුවපහසුකම් සහිතව සිටිනු ඇතැයි යන්නයි. ඔවුනට මරණය ගැන හෝ රෝග ඇතිවීම ගැන හෝ වයසට යෑම ගැන හෝ දුර්වලකම ඇතිවීම ගැන හෝ ස්වර්ගයේ ඔවුනට ඇති පහසුකම් අහිමිවීම ගැන හෝ ඔවුනට බියක් නොපවතී. මෙම හදීසය හා වෙනත් හදීස් මෙම නිවසට ඇතුළත් වීම සඳහා දැහැමි ක්රියාවන්හි නිරත වීමට ආශාව හා කැමැත්ත මිනිසාට අනිවාර්යයෙන්ම ගෙන දී ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර