1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත

عَن أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنهُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ أَدْنَى مَقْعَدِ أَحَدِكُمْ مِنَ الْجَنَّةِ أَنْ يَقُولَ لَهُ: تَمَنَّ فَيَتَمَنَّى، وَيَتَمَنَّى، فَيَقُولُ لَهُ: هَلْ تَمَنَّيْتَ؟ فَيَقُولُ: نَعَمْ، فَيَقُولُ لَهُ: فَإِنَّ لَكَ مَا تَمَنَّيْتَ وَمِثْلَهُ مَعَهُ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.

صحيح رواه مسلم صحيح مسلم - 182

විවරණය

ස්වර්ගයට පිවිසෙන්නන් හට ස්වර්ගයේ පවතින අවම නිලය අවම මට්ටම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: එය, "ඔබ පතනු"යි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. ඔහුට කීමට තරම් කිසිදු ආශාවක් ඉතිරිව නොපවතින තරමට පතයි. එවිට ඔහුට: "ඔබ පැතුවෙහිදැ?"යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට:"ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන තවත් දෙයක් ද ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.

හදීසයේ හරය

  1. ස්වර්ගවාසීන්ගේ නිලයන් තුළ පවතින විවිධත්වය.
  2. උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ගේ අතිමහත් ගෞරවය පැහැදිලි කිරීම.
  3. ස්වර්ගයේ ඇති සුවයන් නියමිත කරුණක් මත පමණක් සීමා වන්නේ නැත. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා තමන් ප්‍රිය කරන තමන් කැමති සියලු දෑ ලබන අතර ඊට අමතරව, උත්තරීතර අල්ලාහ් අභියසන් භාග්‍යයන් හා ගෞරවයන් හිමිවනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

43 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية