عن أبي سعيد الخدري رضي الله عنه قال: «إنَّ الله -عزَّ وجل- يقول لأهل الجنة: يا أهل الجنَّة، فيقولون: لَبَّيْكَ رَبَّنَا وَسَعْدَيْكَ، والخير في يَدَيْكَ، فيقول: هل رَضِيتُمْ؟ فيقولون: وما لنَا لا نَرضَى يا ربَّنَا وَقَدْ أَعْطَيْتَنَا ما لم تُعْطَ أحدا من خلقك؟! فيقول: ألاَ أُعْطِيكُمْ أَفْضَلَ من ذلك؟ فيقولون: وأَيُّ شَيْءٍ أَفْضَلُ من ذلك؟ فيقول: أُحِلُّ عَلَيْكُمْ رِضْوَانِي، فَلاَ أَسْخَطُ عليكم بعده أبدًا».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“සැබැවින්ම කීර්තිමත් සර්වබලධාරී අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ගවැසියනි, එවිට ඔවුහු: අපගේ පරමාධිපතියාණෙනි! ඔබ සමීපයට පැමිණ උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: "c2">“අපගේ පරමාධිපතියාණෙනි, ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත්තෙහිය.” එවිට ඔහු: "c2">“මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනැමිය යුතු නොවේ ද?” යැයි පවසයි. ඔවුහු: "c2">“මීටත් වඩා උතුම් දෑ කුමක්ද?” යැයි විමසති. එවිට ඔහු. "c2">“මාගේ පිළිගැනීම / තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ උත්තරීතර අල්ලාහ් හා දේවත්වය විශ්වාස කරන්නන් අතර පවතින දෙබසක් මෙම උතුම් හදීසය අපට නිරූපණය කර පෙන්වයි. එය සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නන් ස්වර්ගයට පිවිසීමෙන් පසු ඔවුන් වෙත උත්තරීතර අල්ලාහ් මෙසේ අමතමිනි. "c2">“අහෝ ස්වර්ගවැසියනි, එවිට ඔවුහු: අපගේ පරමාධිපතියාණෙනි, ඔබ සමීපයට පැමිණ ඇත්තෙමු” ප්රතිචාරයෙන් පසු ප්රතිචාරය දැක්වීම යන්නයි. "c2">“අහෝ අපගේ පරමාධිපතියාණනි, උදව් පතමු.” සතුට පතමු යන අර්ථයෙන් යෙදී ඇත. එය උපකාරයයි. එනම්: උපකාරයෙන් පසු උපකාරය අපි ඔබෙන් පතමු. යන්නයි. "c2">“සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” එනම් ඔබේ බලය තුළය. නමුත් අයහපත සඳහන් වී නැත. විනයානුකූල වනුයේ එය ප්රසිද්ධියේ මෙනෙහි නොකරීමය. පසුව උත්තරීතර අල්ලාහ් ඔවුනට: "c2">“නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එනම් නුඹලාට ලැබී ඇති සදාතනික සුවපහසුකම් පිළිබඳ නුඹලා තෘප්තිමත් වූයෙහු ද යන්නයි. “එවිට ඔවුහු: “අපි පිළිනොගෙන සිටීමට අපට කුමක්වීද?” එය ඔවුන්ගේ පිළිගැනීම සහතික කරන ප්රශ්න කිරීමකි. එනම් එසේය, අපි පිළිගත්තෙමු. යන්නයි. "c2">“සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත්තෙහිය.” තවත් වාර්තාවක "c2">“අපට පිරිනැමූ දෑට වඩා උතුම් වෙනත් කිසිවක් වෙත් ද?” යැයි සඳහන්ව ඇත. ස්වර්ගය ඇතුළත් කර නොගන්නා "c2">“ඔබේ මැවීම් කිසිවකට ඔබ නොදුන් දෑ අප වෙත පිරිනමා ඇත්තෙහිය. එවිට උත්තරීතරයාණන් “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනැමිය යුතු නොවේ ද?” යැයි පවසයි. ඔවුහු: "c2">“මීටත් වඩා උතුම් දෑ කුමක් විය හැකිද?” යැයි විමසති. එවිට ඔහු. "c2">“මාගේ පිළිගැනීම / තෘප්තිය නුඹලාට නියම විය. යැයි පවසයි. “එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” උත්තරීතර අල්ලාහ් ස්වර්ගවාසීන් කෙරෙහි කෝප වන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර