عن مَرْثَد الغَنَويّ رضي الله عنه عن النبي صلى الله عليه وسلم أنه قال:«لا تصلُّوا إلى القُبُور، ولا تجلِسُوا عليها».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“නුඹලා මිනීවළවල් ඉදිරියේ සලාත් ඉටු නොකරනු. ඒ මත වාඩිවී නොසිටිනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

කබ්ර් ස්ථාන හෙවත් මිනී වළවල් ඇති ස්ථාන සලාත් ඉටු කරන දෙසට තබා ඒ දෙසට සලාත් ඉටු කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප වැළැක්වූහ. එමෙන්ම කබ්ර් ස්ථාන මත වාඩිවීමද තහනම් කළේය. ඒ මත පාද තැබීමත්, වැසිකිලි කැසිකිලි අවශ්යතා ඉටු කිරීමත් එයට කරන අගෞරවයකි. ඒ සියල්ල තහනම් කරන ලදී.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. කබ්ර් ස්ථාන හෙවත් මිනී වළවල් ඇති ස්ථාන සලාත් ඉටු කරන දෙසට තබා ඒ දෙසට සලාත් ඉටු කිරීමේ තහනම. තවද තහනම් නීතිය වනාහි එය කුමක් තහනම් කළේද ඒ දේහි අවලංගුභාවය නිරූපනය කරයි.
  2. දේව ආදේශය වෙත යොමු කරවනු ලබන සියලු දොරටු වසා දැමීම.
  3. කබ්ර් මත වාඩිවීමෙන් වැළකී සිටීම. සැබැවින්ම එය කබ්ර් හි වෙසෙන පුද්ගලයාට කරන අගෞරවයක් බැවිණි.
  4. කබ්ර් ස්ථාන පිළිබඳව ඉක්මවා කටයුතු කිරීම හා ඒවා අගෞරවයට පත් කිරීම අතර ඇති සම්බන්ධතාව. සැබැවින්ම කබ්ර් වෙත සලාත් ඉටු කිරීම කබ්ර්වලට ගරුබුහුමන් කිරීම හා එහි ඉහවහා ගොස් කටයුතු කිරීමට ඉඩ සලසයි. ඒ මත වාඩි වීම එය අවමානයට ලක් කිරීමට ඉඩ සලසයි. එබැවින් ඒවා සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් කටයුතු කිරීමත් ඒවා අගෞරවයට පත් කිරීමත් ඉස්ලාමය තහනම් කළේය. එහි අතිශයෝක්තියක් හෝ නොසැළිකිලිමක් හෝ නොමැත.
  5. මුස්ලිම් දේහයක ගෞරවය ඔහු මිය ගිය පසු ද පවතී. “මිය ගිය තැනැත්තාගේ අස්ථි බිඳීම ඔහු ජීවතුන් අතර සිටියදී ඔහුගේ අස්ථි බිඳුවාක් මෙනි” යැයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කළ ප්රකාශය එය තවදුරටත් තහවුරු කරයි. ඒ අනුව මෙම මාතෘකාව තවත් කොටස් කිහිපයකට වෙන් කළ හැක. සැබැවින්ම මිය ගිය පසු ඔවුන්ගේ අවයව කැපීමෙන් ඔවුනට අගෞරවය කරන තැනැත්තෝ සැබැවින්ම ඔවුන් වැරදි කර ඇත්තෝය. සැබැවින්ම එය මිය ගිය දේහයට සිදු කරන අගෞරවයකි. එහි ඔහුට වේදනාවක් ඇත. එබැවින් විද්වත්හු පවසා සිටිනුයේ: සැබැවින්ම මිය ගිය ඇත්තන්ගේ අවයව කැපීම සම්බන්ධයෙන් ඔහු අන්තිම කැමත්ත ලෙස ඒ ගැන ප්රකාශ කර තිබුණ ද තහනම් වන බවයි. ඊට හේතුව තමන් තුළ කිසිවක් වෙනස් කිරීමට කිසිදු උරුමයක් ඔහුට නොමැති බැවිණි.
  6. කබ්ර් මත හේත්තු වී සිටීමේ අවසර ඇත. එය වාඩිවීමක් නොවේ. නමුත් එය ප්රායෝගික ජීවිතයේ ජනයා අවමානයක් ලෙස සලකන්නේ නම් එසේ ඒ මත හාන්සි වීම ද සුදුසු නොවේ. සැබැවින්ම ගත යුතු පාඩම ස්වරූපයෙන් නොව මිනිසාගේ ප්රායෝගික ජීවිතයේ අවමානයක් ලෙස සැලකෙන ස්වරූපය මතය. එවිට එයට අනුමත තිබුණ ද එයින් වැළකී සිටිය යුතුය.
අමතර