+ -

عن أنس بن مالك رضي الله عنه أنَّ رَجُلاً كَانَ عِند النَبِيَّ صلى الله عليه وسلم فَمَرَّ رَجُلٌ بِهِ، فقال: يا رسول الله، أنِّي لَأُحِبُّ هَذَا، فَقَال لَهُ النَبِيُّ صلى الله عليه وسلم : «أَأَعْلَمْتَهُ؟» قال: لا. قال: «أَعْلِمْهُ»، فَلَحِقَهُ، فقال: إِنِّي أُحِبُّك فِي الله، فقال: أّحَبَّك الَّذِي أَحْبَبْتَنِي لَهُ.
[صحيح] - [رواه أبو داود والنسائي في الكبرى وأحمد]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියස සිටියේය. ඔහු අසලින් තවත් මිනිසෙකු ගමන් කළේය. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම ඔහුට ආදරය කරමි යැයි පැවසීය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: ඔබ එය ඔහුට දන්වා සිටියේදැ?යි ඔහුගෙන් විමසූහ. ඔහු නැතැයි පවසා සිටියේය. එතුමා: ඔබ ඔහුට දන්වා සිටිනු යැයි පැවසූහ. පසුව ඔහුට සමීප වී සැබැවින්ම මම ඔබට ආදරය කරමි. යැයි ඔහු පැවසූය. එවිට ඔහු: ඔබ කවුරුන් වෙනුවෙන් මට ආදරය කළේද ඔහු ඔබට ආදරය කරනු ඇත. යැයි පැවසීය.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

විවරණය

මිනිසකු තම සහෝදරයාට ආදරය කරන විට එය ඔහුට දන්වා සිටීම පිළිබඳව සල්ලල්ලාහු අලය්හි වසල්ලම්ගේ නියෝගය ක්රියාත්මක කරන පරිදි මෙම හදීසය පැමිණ ඇත. එතුමාණන් අසල වාඩි වී සිටි මිනිසා, ඔවුන් දෙදෙනා අසළින් ගමන් කරමින් සිටි මිනිසා දෙස බලා ‘සබැවින්ම මම එම මිනිසාව ප්රිය කරමි‘ යැයි එතුමාට පැවසූ කල්හි එතුමා: ‘ඔබ ඔහුට එය දැන්වූයෙහි දැ?‘යි විමසා සිටියහ. මුස්ලිම්වරකු යම් පුද්ගලයකුට ආදරය කරන්නේ නම් ‘මම ඔබට ආදරය කරමි‘ යැයි පවසා සිටීම සුන්නාවකි. එසේ පවසා සිටීම හදවත තුළ ආදරය ඇති කරනු ඇත. හේතුව තම සහෝදරයා තමන්ට ආදරය බව මිනිසකු දැන ගත් විට සැබැවින්ම ඔහුට ඔහු ආදරය කරනු ඇත. සැබැවින්ම ඒ සඳහා ඔහුගේ සිත ඇදී ගොස් එය හඳුනාගනු ඇත. දිවෙන් කතා නොකළද හදවත තුළ සෙනෙහස ඇති වේ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙසේ පවසා සිටියහ. “ප්රාණ පෙළගස්වනු ලැබූ සේනාවක් මෙනි. ඔවුන් අතුරින් එකිනෙකා හඳුනා අය බැඳී කටයුතු කරනු ඇත. ඔවුන් අතුරින් එකිනෙකා හඳුනා නොගත් අය වෙන්ව යති.“ නමුත් මිනිසා තම දිවෙන් පවසන විට හදවත තුළ ආදරය වර්ධනය වී නියත වශයෙන්ම මම අල්ලාහ් විෂයයෙහි ඔබට ආදරය කරමි යැයි පවසනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර