عن علي بن ربيعة، قال: شهدت علي بن أبي طالب رضي الله عنه أتي بدابة ليركبها، فلما وضع رجله في الركاب، قال: بسم الله، فلما استوى على ظهرها، قال: الحمد لله الذي سخر لنا هذا وما كنا له مُقْرِنين، وإنا إلى ربنا لمنقلبون، ثم قال: الحمد لله، ثلاث مرات، ثم قال: الله أكبر، ثلاث مرات، ثم قال: سبحانك إني ظلمت نفسي فاغفر لي إنه لا يغفر الذنوب إلا أنت، ثم ضحك، فقيل: يا أمير المؤمنين، من أي شيء ضحكت؟ قال: رأيت النبي صلى الله عليه وسلم فعل كما فعلت ثم ضحك، فقلت: يا رسول الله، من أي شيء ضحكت؟ قال: «إن ربك تعالى يَعجب من عبده إذا قال: اغفر لي ذنوبي، يعلم أنه لا يغفر الذنوب غيري» المزيد
අලි ඉබ්නු රබීආ තුමා විසින් වාර්තා කරන ලදී. “මම අලී ඉබ්නු අබූ තාලිබ් -රළියල්ලාහු අන්හු- තුමා වෙත පැමිණියෙමි. එතුමා නැග යන්නට සත්වයෙකු ගෙන ආහ. එතුමාගේ පාදය එතුමා එම වාහනය මත තැබූ කල්හි: بسم الله බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙනි) යැයි පැවසූහ. ඒ මත නැග සමාන්තරව සිටි කල්හි, الحمد لله الذي سخر لنا هذا وما كنا له مُقْرِنين، وإنا إلى ربنا لمنقلبون අල්හම්දු ලිල්ලාහිල්ල දී සහ්හඃර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. (අපි එයට සමීපවීමට හැකියාවක් නොතිබුණ තත්ත්වයක සිටිය දී අපට එය වසඟ කර දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා, තවද සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙතටම පෙරළී යන්නන් වෙමු.) යැයි පැවසූහ. පසුව الحمد لله අල්හම්දු ලිල්ලාහ් (සියලු පැසසුම් අල්ලාහ්ටය) යැයි තුන්වරක් පැවසූහ. පසුව الله أكبر අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්රේෂ්ටය) යැයි තුන්වරක් පැවසූහ. පසුව سبحانك إني ظلمت نفسي فاغفر لي إنه لا يغفر الذنوب إلا أنت සුබ්හානක ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර්ලී ඉන්නහූ ලා යග්ෆිරුද් දුනූබ ඉල්ලා අන්ත (ඔබ සුවිශුද්ධය. සැබැවින්ම මම මාහටම අපරාධ සිදු කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව. නියත වශයෙන්ම ඔබ හැර පව්වලට කිසිවකු සමාව දෙන්නේ නැත.) යැයි පැවසූහ. පසුව මඳ ලෙස සිනහසුනහ. ‘අහෝ මුඃමින්වරුන්ගේ නායකයාණනි, ඔබ කවර හේතුවක් නිසා සිනහසුනෙහිද?‘ යැයි විමසන ලදී. ‘අල්ලාහ්ගේ දූතයාණන් මා සිදු කළාක් මෙන්ම සිදු කොට පසුව එතුමා සිනහවනු මම දුටුමි. පසුව මම අල්ලාහ්ගේ දූතයාණනි!ඔබ කවර හේතුවක් නිසා සිනහසුනෙහිද‘ යැයි විමසුවෙමි. එතුමා, ‘සැබැවින්ම ඔබේ පරමාධිපති, ගැත්තකු මා හැර පාපයන් සමාව දෙන කිසිවකු නොමැතැයි දැන, මාගේ පව්වලට මට සමාව දෙනු මැනව යැයි පවසන විට ඔහු ගැන පුදුමයට පත් විය. යැයි පැවසූහ.“