عن أبي هريرة رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «ينزلُ ربُّنا تبارك وتعالى كلَّ ليلةٍ إلى السماء الدنيا، حين يبقى ثُلُثُ الليل الآخرُ يقول: «مَن يَدْعُوني، فأستجيبَ له؟ مَن يسألني فأعطيَه؟ مَن يستغفرني فأغفرَ له؟».
[صحيح] - [متفق عليه]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සෑම රාත්රියකම අවසාන රාත්රියේ තුනෙන් කොටසක් පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සෑම රාත්රියකම, රාත්රියෙන් තුනෙන් අවසන් කොටස ඉතිරිව පවතින විට උත්තරීතර අල්ලාහ් මෙලොව අහසට පහළ වෙයි. පසුව “කවරෙකු මා අමතන්නේ ද මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි. එනම් සැබැවින්ම අල්ලාහ් -රාත්රියෙහි මෙම වේලාවෙහි- ඔහුව අයැද සිටින මෙන් තම ගැත්තන්ගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා ඔහු ඔවුන් දිරි ගන්වයි. ඔහුගෙන් පතන අයට ඔහු පිළිතුරු සපයන්නාය. එමෙන්ම ඔවුන් කැමති දෑ ඔහුගෙන් ඉල්ලා සිටින මෙන් ද පතයි. ඔහුගෙන් ඉල්ලා සිටින අයට ඔහු පිරිනමන්නාය. තවද ඔවුන්ගේ පාපකම් සඳහා පාපක්ෂමාව ඔහුගෙන් ඉල්ලන මෙන් ද පතයි. ඔහු ඔහුගේ විශ්වාසී ගැත්තන්හට සමාව දෙන්නාය. මෙහි පැතීම යනුවෙන් අදහස් කරනුයේ දිරි ගැන්වීම හා පුරුද්දක් කර ගන්නා මෙන් කරන පැතුමයි. මෙම පහළ වීම සැබෑ පහළ වීමකි. එය ඔහුගේ කීර්තියට හා ඔහුගේ පූර්ණත්වයට ගැළපෙන සේ පිහිටනු ඇත. සෙසු මැවීම්වල පහළ වීම් එයට සමාන කළ නොහැක. එමෙන්ම එම පහළවීමට ඔහුගේ කරුණාව හෝ මලක්වරුන් හෝ වෙනත් දෑ හෝ පහළ වන බවට අර්ථවත් කිරීම සුදුසු නැත. කිසිදු අඩු වැඩි කිරීමකින් තොරව විකෘති කිරීමකින් තොරව ආකාරය විස්තර කිරීමකින් හා උපමා කිරීමකින් තොරව ඔහුගේ කීර්තියට ගැළපෙන සේ පහළ අහසට අල්ලාහ් පහළ වන බව විශ්වාස කිරීම අනිවාර්යය වේ. මෙය අහ්ලුස් සුන්නා වල් ජමාආ වරුන්ගේ ප්රතිපත්තියයි.