عن أبي طلحة رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «لا تدخل الملائكة بَيْتَا فيه كلب ولا صُورة». عن ابن عمر رضي الله عنهما ، قال: وعد رسول الله صلى الله عليه وسلم جبريل أن يَأتِيَهُ، فَرَاثَ عليه حتى اشْتَدَّ على رسول الله صلى الله عليه وسلم فخرج فَلَقِيَهُ جبريل فَشَكَا إليه، فقال: إنا لا نَدْخُل بَيْتَا فيه كلب ولا صُورة. عن عائشة رضي الله عنها ، قالت: واعد رسول الله صلى الله عليه وسلم جبريل عليه السلام، في ساعة أن يأتيه، فجاءت تلك الساعة ولم يَأتِهِ! قالت: وكان بِيَدِه عصا، فَطَرَحَها من يَدِهِ وهو يقول: «ما يُخْلِفُ الله وَعْدَهُ ولا رُسُلُهُ» ثم التَفَتَ، فإذا جَرْوُ كلب تحت سريره. فقال: «متى دخل هذا الكلب؟» فقلت: والله ما دَرَيْتُ به، فأمر به فأخرج، فجاءه جبريل -عليه السلام- فقال رسول الله صلى الله عليه وسلم : «وعَدْتَنِي، فَجَلَسْتُ لك ولم تَأتِني» فقال: مَنَعَنِي الكلب الذي كان في بيتك، إنا لا نَدْخُل بَيْتَا فيه كلب ولا صورة.
[صحيح] - [حديث أبي طلحة متفق عليه. حديث ابن عمر رواه البخاري. حديث عائشة رواه مسلم]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ තල්හා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදි. "c2">“සුනඛයෙක් හෝ රූපයක් හෝ තිබෙන නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත.” ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. ‘එතුමාණන් වෙත පැමිණෙන බවට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ්ගේ දූතයාණන්හට ප්රතිඥා දී තිබිණි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන්හට දුෂ්කර වන තෙක් තෙක් හෙතෙම එතුමාණන් වෙත පැමිණීම ප්රමාද කළේය. පසුව පිටතට පැමිණ ජිබ්රීල් තුමා එතුමාණන්ව මුණ ගැසුණේය. එවිට එතුමාණෝ එතුමාට පැමිණිලි කළහ. එවිට එතුමා: "c2">“සුනඛයෙක් හෝ රූපයක් හෝ තිබෙන නිවෙසකට සැබැවින්ම අපි ඇතුළ නොවන්නෙමු” යැයි පැවසීය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා අල්ලාහ්ගේ දූතයාණන් වෙත නියමිත හෝරාවක පැමිණෙන බව එතුමාණන්හට ප්රතිඥාවක් දුන්නේය. එම හෝරාව පැමිණියේය. නමුත් එතුමා එතුමාණන් වෙත පැමිණියේ නැත. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: එතුමාණන්ගේ අතේ සැරයටියක් තිබිණි. "c2">“අල්ලාහ් ඔහුගේ ප්රතිඥා කඩ කරන්නේ නැත. ඔහුගේ දූතවරු ද එසේ කඩ කරන්නේ නැත.” යැයි පවසමින් එය තම අතින් වීසි කළහ. පසුව හැරී බැලූහ. එවිට එතුමාණන්ගේ ඇඳ යට බලු පැටියෙකු විය. එවිට එතුමාණෝ "c2">“මෙම බල්ලා පිවිසුණේ කොයි මොහොතේද? යැයි විමසා සිටියහ. එවිට ඇය ‘අල්ලාහ් මත දිවුරා පවසමි. ඒ ගැන මම නොදනිමි. පසුව ඒ ගැන නියෝග කර එලියට දැමූහ. පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එතුමාණන් වෙත පැමිණියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූහ: “ඔබ මට පොරොන්දු වූයෙහිය. ඔබ වෙනුවෙන් මම වාඩි වී සිටියෙමි. නමුත් ඔබ මා වෙත පැමිණියේ නැත.” එවිට එතුමා: “ඔබේ නිවසේ සිටි සුනඛයා මා වැළැක්වීය. සැබැවින්ම අපි සුනඛයෙක් හෝ පින්තූරයක් ඇති නිවසකට ඇතුළු නොවන්නෙමු යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

හදීසයේ තේරුම: සැබැවින්ම මලක්වරු වනාහි, පිරිසිදු ගෞරවනීය මැවීමකි. ගෞරවට ලක් පිවිතුරු ගැත්තන් වෙති. සුනඛයෙක් මෙන්ම මිනිසකුගේ හෝ සතකුගේ රූපයක් ඇති නිවෙස් තුළට පිවිසීමෙන් ඔවුහු වැළකෙති. එය තමන් ළඟ තබා ගැනීමට තහනම් සුනඛයින් හා රූප වර්ග අතරින් විය යුතුය. නමුත් තහනම් නොවනුයේ දඬයම් කරන සුනඛයින් හා පැළැටි ගස් කොළ හා ගොවිපළ සතුන්, ඇතිරිලි වල හා කොට්ටවල යොදා ඇති ප්රායෝගික පින්තූරු තහනම් වන්නේ නැත. ඒ හේතුවෙන් මලක්වරුන් පිවිසීම තහනම් කෙරෙන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර