عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا تَصْحَبُ الْمَلَائِكَةُ رُفْقَةً فِيهَا كَلْبٌ وَلَا جَرَسٌ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2113]
المزيــد ...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සුනඛයෙක් හෝ සීනුවක් හෝ ඇති කණ්ඩායමක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2113]

විවරණය

ගමනක හෝ ඇසුරක, සුනඛයෙක් හෝ සතුන් මත එල්ලා උන් සෙලවෙන විට හඬක් මතු කරන සීනුවක් ඇති පිරිසක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයේ හරය

  1. දඩයම් කිරීම හෝ මුර කිරීම සඳහා යොදා ගන්නා සුනඛයන් හැර වෙනත් අරමුණු සඳහා සුනඛයින් හිමි කර ගැනීම සහ ඇති කිරීම තහනම්ය.
  2. එක්ව සිටීමෙන් වැළකී සිටින මලක්වරුන් වනාහි, කරුණාවේ මලක්වරුන් වෙති. භාරකාර මලක්වරුන් දේව ගැත්තන් පැමිණෙන විට සහ යන විට ඔවුන්ව අත් නොහරිති.
  3. සීනුව තහනම් කිරීම: මන්ද එය ෂෙයිතාන්ගේ සංගීත භාණ්ඩයක් වන අතර එය කිතුනුවන්ගේ සීනුව හා සමාන වන බැවිනි.
  4. මලක්වරුන් දුරස්වන සෑම කටයුත්තකින්ම දුරස් වීමට මුස්ලිම්වරයා උනන්දු විය යුුතුය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (54)
අමතර