عن عائشة رضي الله عنه قالت: قال رسول الله صلى الله عليه وسلم : «خُلقت الملائكة من نور، وخُلق الجَانُّ من مَارِجٍ من نار، وخُلق آدم مما وُصِفَ لكم».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය. ජින්නුන් ගිනි ජාලාවෙන් මවනු ලැබීය. ආදම් ඔබට වර්ණනා කරනු ලැබූ දැයින් මවනු ලැබීය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මැවීම්හි ආරම්භය පිළිබඳ සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙහි දන්වා සිටියහ. සැබැවින්ම මලක්වරු ආලෝකයෙන් මවනු ලැබූවන් බව සිහිපත් කළහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අල්ලාහ්ට පිටු නොපාති. ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නොවෙති. ජින්නුන් වනාහි, නියත වශයෙන්ම ඔවුන් ගින්නෙන් මවනු ලැබූවන් යැයි එතුමා පවසා සිටියහ. එහෙයින් සතුරුකම, ක්රෝධය, වෛරය වැනි ගුණාංගවලින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වර්ණනා කරනු ලබති. එමෙන්ම ආදම් තුමාව මවනු ලැබුවේ ඔබට මෙනෙහි කළ දැයින් යැයි සඳහන් වේ. එනම්, මිනිසා මැටියෙන්, පසින්, හඬක් ඇති වියළි මැටියෙන් මවනු ලැබූ බව සිහිපත් කර සිටියි. හේතුව, පස් මැටි බවට පත් වෙයි. පසුව එය හඬක් ගෙන දෙන වියළි මැටි භාණ්ඩයක් බවට පත් වෙයි. එයින් ආදම් අලය්හිස් සලාම් -තුමා මවනු ලැබීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර