عن عُثْمَانَ بْنَ أَبِي الْعَاصِ رضي الله عنه:
أنه أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللهِ، إِنَّ الشَّيْطَانَ قَدْ حَالَ بَيْنِي وَبَيْنَ صَلَاتِي وَقِرَاءَتِي يَلْبِسُهَا عَلَيَّ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «ذَاكَ شَيْطَانٌ يُقَالُ لَهُ خِنْزَِبٌ، فَإِذَا أَحْسَسْتَهُ فَتَعَوَّذْ بِاللهِ مِنْهُ، وَاتْفُلْ عَلَى يَسَارِكَ ثَلَاثًا»، قَالَ: فَفَعَلْتُ ذَلِكَ فَأَذْهَبَهُ اللهُ عَنِّي.

[صحيح] - [رواه مسلم]
المزيــد ...

උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්‍යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ෂෙයිතාන් මා හා මාගේ සලාතය අතර බාධා කරයි. එහි පැවතිය යුතු භක්තිය මගෙන් වළක්වාලයි. මාගේ පාරායනය මට අවුල් කරයි. එහි සැකය ඇති කරයි" යනුවෙන් පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) ඔහුට: එය 'හිඃන්සබ් නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබ ඔහුව දකින්නේ නම් හෝ ඔබට ඔහුව දැනෙන්නේ නම්, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. එමෙන්ම ඔහුගෙන් ආරක්ෂාව ද අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට හැරී සුළුවෙන් කෙළ පිට කර තුන් වරක් පිඹින්න යැයි පැවසූහ. උස්මාන් තුමා: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට අණ කළ පරිදි මම එය සිදු කළෙමි. එවිට අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය." යැයි පැවසීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. සලාතයේ දී හදවත තුළ භක්තිය ගෙන ඒමේ වැදගත්කම. සැබැවින්ම ෂෙයිතාන් එහි විකෘතිය ඇති කිරීමටත් සැකය ඇති කිරීමටත් උත්සාහ කරයි.
  2. සලාතය තුළ ව්‍යාකූල හැඟීමක් ඇති වූ විටෙක වමතට තුන්වරක් කෙළ ගසමින් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම සතුටුදායකය.
  3. සහාබාවරුන්ට ගැටලුකාරී යමක් හට ගත් විටෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගොස් එතුමාණන් ඔවුනට එය විසදා දෙන තෙක්ම සහාබාවරුන් කටයුතු කළ ආකාරය විස්තර කිරීම.
  4. සහාබාවරුන්ගේ සිත් ජීවමානය. සැබැවින්ම ඔවුන්ගේ එකම අපේක්ෂාව වූයේ මතුලොවයි.
ප්‍රවර්ග
අමතර