عن حُذَيْفَةَ رضي الله عنه:
أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ بَيْنَ السَّجْدَتَيْنِ: «رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي».

[صحيح] - [رواه أبو داود والنسائي وابن ماجه وأحمد] - [سنن ابن ماجه: 897]
المزيــد ...

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه أبو داود والنسائي وابن ماجه وأحمد] - [سنن ابن ماجه - 897]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර වාඩි වන අවස්ථාවේ "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් නැවත නැවතත් පවසමින් සිටියහ.
"රබ්බි-ග්ෆිර්ලී" යන්නෙහි තේරුම: ගැත්තා තම පරමාධිපතිගෙන් තම පාපයන්ට සමාව දෙන මෙන් ද, තම අඩුපාඩු සඟවන මෙන් ද ඉල්ලා සිටීමය.

හදීසයේ හරය

  1. අනිවාර්යය මෙන්ම අමතර සලාත්වලදී දී සුජූද් දෙක අතර ද මෙම ප්‍රාර්ථනාව උසුරීම ආගමානුගත කරන ලද්දකි.
  2. රබ්බි-ග්ෆිර්ලී යනුවෙන් නැවත නැවතත් ප්‍රකාශ කිරීම සතුටුදායකය. අනිවාර්යය වනුයේ එක්වරක් පැවසීම පමණය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (58)
අමතර