عن حُذَيْفَةَ رضي الله عنه:
أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ بَيْنَ السَّجْدَتَيْنِ: «رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي».

[صحيح] - [رواه أبو داود والنسائي وابن ماجه وأحمد]
المزيــد ...

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර වාඩි වන අවස්ථාවේ "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් නැවත නැවතත් පවසමින් සිටියහ.
"රබ්බි-ග්ෆිර්ලී" යන්නෙහි තේරුම: ගැත්තා තම පරමාධිපතිගෙන් තම පාපයන්ට සමාව දෙන මෙන් ද, තම අඩුපාඩු සඟවන මෙන් ද ඉල්ලා සිටීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. අනිවාර්යය මෙන්ම අමතර සලාත්වලදී දී සුජූද් දෙක අතර ද මෙම ප්‍රාර්ථනාව උසුරීම ආගමානුගත කරන ලද්දකි.
  2. රබ්බි-ග්ෆිර්ලී යනුවෙන් නැවත නැවතත් ප්‍රකාශ කිරීම සතුටුදායකය. අනිවාර්යය වනුයේ එක්වරක් පැවසීම පමණය.
අමතර