عَنْ ‌وَرَّادٍ كَاتِبِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ: أَمْلَى عَلَيَّ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ فِي كِتَابٍ إِلَى مُعَاوِيَةَ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي دُبُرِ كُلِّ صَلَاةٍ مَكْتُوبَةٍ: «لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ».

[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්-මුගීරා ඉබ්නු ෂුඃබාගේ ලේකකයකු වූ වර්රාද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්-මුගීරා ඉබ්නු ෂුඃබා විසින් මුආවියා තුමා වෙත යවන ලද ලිපියෙහි මට මෙසේ නියම කර තිබුණේය.
(නියම කරන ලද) අනිවාර්යය සෑම සලාතයකටම පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසන්නෙකු වූහ. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතය්ත වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු"

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියම කරන ලද අනිවාර්යය සෑම සලාතයකටම පසුව මෙසේ පවසන්නෙකු වූහ.* "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතය්ත වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු"
එනම්: "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන ඒකීයත්වයේ ප්‍රකාශය මම පිළිගත්තෙමි. නියම නැමදුම අල්ලාහ් වෙනුවෙන් පමණක්ම මම ස්ථීර කළෙමි. ඔහු හැර සෙස සියලු දෑ මම අහෝසි කළෙමි. එහෙයින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නැත. සැබෑ පූර් ණවත් රාජ්‍යය අල්ලාහ්ට පමණක් සතු බව මම පිළිගත්තෙමි. අහස්හි හා මහපොළොව වාසීන්ගේ සියලුම ප්‍රශංසාවන්ට හිමිකම් ලබනුයේ උත්තරීතර අල්ලාහ්ය. එය ඔහු සියලු දෑ කිරීමට සර් වබලධාරී වීමෙනි. පිරිනැමීමට හෝ තහනම් කිරීමට කවර කරුණක් අල්ලාහ් නිර් ණය කළේ ද එයට පටහැනිව ක්‍රියා කරන කිසිවෙකු නැත. ඔහු ඉදිරියේ පොහොසතාගේ පොහොසත් කම ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහුට ප්‍රයෝජනවත් වනුයේ දැහැමි ක්‍රියාවන් පමණි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා මලයාලම් ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෙම අනුවාදයේ දේව ඒකීය කරණයේ ප්‍රකාශ හා ප්‍රශංසාවේ ප්‍රකාශ ඇතුළත්ව ඇති බැවින් සලාත් වාරයන්ගෙන් පසු මෙම අනුවාද පැවසීම සතුටුදායක වන්නේය.
  2. සුන්නාවන් පිළිපැදීමට හා එය පතුරුවාලීමට යුහුසුළු වීම.
අමතර