1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.”

عَنْ بُسْرِ بْنِ سَعِيدٍ، أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِيَّ رَضيَ اللهُ عنه، أَرْسَلَهُ إِلَى أَبِي جُهَيْمٍ رَضيَ اللهُ عنه، يَسْأَلُهُ مَاذَا سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَارِّ بَيْنَ يَدَيِ الْمُصَلِّي؟ قَالَ أَبُو جُهَيْمٍ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَيِ الْمُصَلِّي مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَعِينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ» قَالَ أَبُو النَّضْرِ: لَا أَدْرِي قَالَ: أَرْبَعِينَ يَوْمًا أَوْ شَهْرًا أَوْ سَنَةً؟

බුස්ර් ඉබ්නු සඊද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'සැබැවින්ම සෙයිද් ඉබ්නු කාලිද් අල්-ජුහයිනී (රළියල්ලාහු අන්හු) තුමා තමන්ව අබූ ජුහයිම් (රළියල්ලාහු අන්හු) තුමා වෙත යැවී ය. "එය සලාත් ඉටු කරන කෙනෙකු ඉදිරියෙන් ගමන් කරන්නා ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පවසා ඇති දෑ කුමක් දැ?"යි ඔහු සවන් දුන් දෑ ඔහුගෙන් විමසා සිටිනු පිණිස ය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ ජුහෙයිම් තුමා මෙසේ පවසා සිටියේය:
"සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.” අබු අන්-නද්ර් මෙසේ පැවසීය: 'එතුමාණන් දින මාස හෝ අවුරුදු හතළිහක් කීවාදැ?යි මම නොදනිමි' යැයි පවසා සිටියේය.

صحيح متفق عليه صحيح مسلم - 507

විවරණය

අනිවාර්යය සලාත් හෝ අතිරේක සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැඩි සේ අවවාද කර ඇත්තාහ. උවමනාවෙන්ම එසේ සිදු කරන පුද්ගලයා තමාට අත්වන පාපයේ තරම දැන සිටියේ නම්, ඔහු (දින, මාස, අවුරුදු) හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත. එය ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා එය ඔහුට ශ්‍රේෂ්ටය. මෙම හදීසය වාර්තා කරන අබූ අන්-නළ්ර් තුමා මෙසේ පවසයි: 'දින හතළිහක් ද මාස හතළිහක් ද එසේ නැතහොත් වසර හතළිහක් ද යන්න ගැන මම නොදනිමි.'

හදීසයේ හරය

  1. සලාතය ඉටු කරන්නා ඉදිරියේ බාධක පුවරුවක් නොමැති විටෙක, ඔහු ඉදිරියෙන් ගමන් කිරීම හෝ එසේ බාධක පුවරුවක් තිබුණු විටෙක, ඔහු හා ඒ අතර ගමන් කිරීම තහනම් කිරීම.
  2. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: 'එහි සීමාව ගැන විවිධ මත ඇත. ඔහු ඉදිරියෙන් ගමන් කරන විටෙක, ඔහු හා ඔහු සුජූද් කරන ස්ථානය අතර පවතින ප්‍රමාණයක් තිබිය යුතු යැයි සඳහන් වී ඇත. එමෙන්ම ඔහු අතර හා එය අතර රියන් තුනක ප්‍රමාණයක් තිබිය යුතු බව තවත් සඳහනක ඇති අතර, ඔහු අතර හා එය අතර ගලක් විසි කරන ප්‍රමාණයක් තිබිය යුතු බව ද සඳහන් වී ඇත.'
  3. අස්-සුයූති තුමා මෙසේ පවසයි: 'ගමන් කිරීමෙන් අදහස් කරනුයේ ඔහු අතර හරහට ගමන් කිරීම ය. ඔහු ඉදිරියෙන් කිබ්ලා දෙසට ගමන් කරන විට එය මෙම අවවාදය තුළට ඇතුළත් වන්නේ නැත.
  4. පළමුව සලාත් ඉටු කරන්නා මිනිසුන් යන එන මාර්ගවල හෝ ගමන් කිරීමට අවශ්‍ය ස්ථානවල සලාත් ඉටු නොකළ යුතුය. මක්නිසාදයත් ඉන් සලාතයේ අඩුපාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් හා ගමන් කරන්නා පාපයට වැටෙන බැවිනි. එබැවින් ඔහු අතර හා ගමන් කරන්නා අතර බාධක වස්තුවක් තබා ගත යුතුය.
  5. මෙයින් නිගමනය කළ හැක්කේ මරණින් මතු ජීවිතයේ අකීකරුකම නිසා ඇතිවන පාපය, එය කුඩා වුවත්, කොතරම් දරුණු වුවත් මේ ලෝකයේ ඕනෑම දුෂ්කරතාවයකට වඩා එය විශාල බවයි.

අර්ථ කථන නිරීක්ෂණය

36 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
KN ಕನ್ನಡ الكانادا
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية