عَن أُمِّ الدَّرْدَاءِ وَ أَبِي الدَّرداءِ رَضيَ اللهُ عنهما أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ:
«دَعْوَةُ الْمَرْءِ الْمُسْلِمِ لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ مُسْتَجَابَةٌ، عِنْدَ رَأْسِهِ مَلَكٌ مُوَكَّلٌ كُلَّمَا دَعَا لِأَخِيهِ بِخَيْرٍ، قَالَ الْمَلَكُ الْمُوَكَّلُ بِهِ: آمِينَ وَلَكَ بِمِثْلٍ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2733]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව උම්මු දර්දා සහ අබූ දර්දා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී.
“මුස්ලිම් පුද්ගලයකු, තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්රාර්ථනාව පිළිගනු ලබන්නකි. නියම කරන ලද මලක්වරයකු ඔහුගේ හිස අසළ සිට තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම කලකම එසේ පත් කරන ලද මලක්වරයා ඒ වෙනුවෙන්, ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබට ද එසේම වේවා‘ යැයි පවසනු ඇත.“
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2733]
මුස්ලිම්වරයකු තම සහෝදරයා වෙනුවෙන් ඔහු නැති අවස්ථාවක කරන ප්රාර්ථනාව පිළිගනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. මක්නිසාද යත් එය වඩාත් අවංකව සිදු කරන බැවිනි. එසේ ප්‍රාර්ථනා කරන්නාගේ හිස අසළ නියම කරන ලද මලක්වරයකු වෙයි. තම සහෝදරයා වෙනුවෙන් යහපත පතන සෑම අවස්ථාවකම ඔහු වෙනුවෙන් පත් කරන ලද මලක්වරයා: ‘ආමීන්. (පිළිගනිත්වා) ඔබ ප්‍රාර්ථනා කළ දෑ ඔබට ද හිමි වේවා‘ යැයි පවසනු ඇත.