عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ رضي الله عنه:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 390]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු මාලික් ඉබ්නු බුහෙයිනා (රළියල්ලාහු අන්හුම්) විසින් වාර්තා කරන ලදී:
“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 390]
(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සජදා කරන විට එහි දී තම අත් අතර හිඩැස් තබා ගනී. සෑම අතක්ම එයට පරව ඇති ඇළපතින් අත්තටු දෙකක් මෙන් ඈත් කර කිහිලි දෙකෙහි හමේ පැහැය පෙනෙන තරමට දුරස් කර තබා ගනියි. මෙය අත් විහිදුවා තබා ගැනීමේ සහ ඔහුගේ ඇළපැතිවලින් ඒ දෙක ඈත් කර ගැනීමේ අතිශයෝක්තියකි.